Saturday, April 30, 2011

Royal Wedding

මිලියනයකට වැඩි ජනතාවක් දෑස් දල්වගෙන බලාගෙන හිටපු මහා මංගල උත්සවේ ගිය සිකුරාදා(29) ඉර නොබසින අධිරාජ්‍යයේදී පැවැත්වුනා ඕං....

Royal Wedding එක.....


ඉතිං ආයුබෝවන්ඩ...William අයියගෙයි Kate අක්කගෙයි මංගල්ලෙ ගැනනම් කියන්න දේවල් ගොඩයි.සුදු මහත්තුරුන්ගෙ වෙලාවෙන් උදේ 9ට තිබුන මේ උත්සවේ,ලෝකෙ පුරා හිටපු මිලියන 30කට වැඩි ජනතාවක් TV එකේ බලලා තියෙනවලු.ඒකත් රෙකෝඩ් එකක් ආයුබෝවන්ඩ,1981 තිබුන Charles-Diana Wedding එක බලලා තියෙන්නේ මිලියන 28.4ලු.ඇයි ඉතින් මිලියන 300කට වැඩි මංගල සිහිවටන ලොකේ පුරාම අලෙවි වෙලාලුනේ,බලමුකො එකෙත් හැටි....

Wedding එකේ කේක් එක ගැනයි,ආපු කස්ටියයි,අපු කස්ටියගෙ ඇඳුම් ගැනයි කතාකරන්න ගියොතින් ආයුබෝවන්ඩ,මට බ්ලොග් 3ක්වත් ලියන්න වෙයි.මේ උත්සවේ මම දැක්කෙ එකම හොඳ දෙයයි....William අයියගෙ ආච්චිඅම්මා නොහොත් Elizabeth මහ රාජිනිය,උත්සවේට ආරාධනා කොරලා තිබුනේ ලොකු ලොකු පැලැන්තිවල කස්ටියට විතරයි.ඒ උනාට Kate අක්කා එහෙම නෙමෙයි,පවුලේ අයට වගේම එයාට හැමදාම පුවත්පත ගෙනල්ලා දෙන මනුස්සයටයි,කිරිහලේ අයිතිකාරයටයි ආරාධනා කොරන්න අමතක කලේ නෑ.ඕං බලන්ඩ ආයුබෝවන්ඩ,රජ පවුලට එකතුඋන පලවෙනි උපාධිධාරී කුල කාන්තාව වෙච්චි Kate අක්කගෙ(දැන් Cambridge ආධිපාධිතුමිය) නිහතමානීකම....

ඉතින් ආයුබෝවන්ඩ අද අනංමනං Blog එකේ විස්තරේ ඕක තමා.ඉවර කරන්න කලියෙන්  ප්‍රාර්ථනා කොරනවා මෙහෙම......

Kate අක්කට Dianaට වෙච්චි දේ සිදු නොවේවා!!! Kate අක්කා තවත් Diana කෙනෙක් නොවේවා!!!


William අයියටයි, Kate අක්කටයි සුබ මංගලම් කියුවා එහෙනම්.....


සැමට ජය...... :D

Wednesday, April 27, 2011

AC එක

මේ දවස්වල තියෙන්නෙ මහ ජරා වැස්සක් මෙයාලා......ඇඳෙන් නැගිටින්නෙ අපේ අම්මගෙ හොරණෑවෙ සුමිහිරි නාදය ඇහුනට පස්සෙ(No offence mom :D)........කාලගුණේ මහත්තුරු කියන්නෙ මාසයක් එක දිහට වහිනවා කියලා....හෆොයි....#@%*&^%

වැස්ස කියුවම මතක් වෙන තව දෙයක් තමයි සීතල.සීතල කියුවම ආපහු මට මතක් වුනේ AC එක.අපේ electrical engineer අයියලා හිතනවද දන්නෙ නෑ මේක Alternative Current කියලා...නෑ මෙයාලා,මම කියුවෙ Air Conditioner එක ගැන, වායුසමීකරණ යන්තරේ....:D

AC එක ගැන mention කොරනකොට හොඳ අනංමනං කතාවක් මතක් උනා.මේක අපි ඉගෙනගන්න තැන(දන්නෝ දනිති) උනා කියල කියන scene එකක්.මෙන්න මේකයි කතාව....

අපිට උගන්නන්න හිටිය lady ටීචෑර් කෙනෙකුට තමා මේක වෙලා තියෙන්නෙ.හරිම ජරබරස් case එකක් මෙයාලා,කොල්ලොන්ට මේ ටීචෑර්ස්ව පේන්න බෑ(Hint: අතීත නදියක නමක් මෙයාට තියෙන්නෙ...දැන් දන්නෝ දනිති නේද???).අපේ කතානායකතුමියගේ පන්තියක හිටියා කොල්ලෙක්,වැඩේම නිදාගන්න එක.ටීචෑර්සුත් මෙයාව හොඳට target කොරගෙන හිටියේ.එක දවසක් හොඳ සැප නින්දක් දාගෙන හිටපු මේ අහිංසක කොල්ලව අහු උනා අපේ ටීචෑර්ස්ට.දවස් කීපයක් සිත තුල කැකෑරි කැකෑරි තිබුන ටීචෑර්ගෙ තරහ පිට උනේ මෙන්න මෙහෙම....

"ඔය ළමයා කුරුඳුවත්තෙ සල්ලිකාරයෙක්ද?තමුන්ගෙ අම්මලා දුක් මහන්සි වෙලා නේද මෙහෙට ඔය ළමයව එවන්නෙ?නිදාගත්තම හරියනවද ළමයෝ?නිදාගන්න ඕනනම් ගෙදර ගිහින් නිදාගන්නවා..."

හිමින් සැරේ ඇස් ඇරපු අපේ senior සහෝ මොකක් කියුවා කියලද හිතන්නෙ???අපේ සහෝ කියුවලු....

" අපේ ගෙදර AC නැහැනෙ Madam......"


එදා ඉඳන් අපේ senior සහෝ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නැහැලු මේ ටීචෑර්ස්.....:D

අදට ඇති....පස්සෙ set වෙමු හොඳේ........

සී යූ වේවා..... :D

Monday, April 25, 2011

At Last.....

At last.....
ඉඳලා ඉඳලා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. වැඩේ හරිම ඉන්ටරස්ටින්... :D
Life එක එන්න එන්නම busy වෙනකොට,වැඩ එන්න එන්නම complicated වෙනකොට,අපි අත්විඳින අනංමනං දේවල් ගොඩයි....අතරින් පතර set වෙන ඔයවගේ අනංමනං දේවල් ලියලා තියන්න හොඳම දේ BLOG එකක් කියලා හිතුන නිසා ඔන්න පටන් ගත්තා.....

Hiyal ද මෑන්ගේ අනංමනං Blog එක.....


අනංමනං subject එකක් සමගින් නැවත හමුවනතෙක්....සියලුදෙනාටම.....ඕන්න දැම්මා Double Salute එකක්.....


ආයුබෝවන්ඩ!!!!