Thursday, May 12, 2011

Batch Trip

ආයුබෝවන් වාසනාවන් සහෝදර සහෝදරියනි.කලකට පස්සේ වෙලකට බැස්සේ යන පැරණි කියමන මතක් කොරගෙනම ඕං මම Blog එකට Enter වුනා කලකට පස්සේ.....:D

අද මට ලියන්න හිතුනා අපේ Batch Trip එක ගැන.කාලෙක ඉඳන් අපේ බැච් එකේ(HDCBIS 10.2-Higher Diploma in Computer Based Information Systems 10.2 ) කෙල්ලෝ කොල්ලෝ ටික ට්‍රිප් 1ක් යමුය,මෙහෙම ඉඳලා බැරිය කියලා, Batch Trip නැමැති Very Common ටොපික් එකට එන්ටෑර් උනා.දවසින් දවස මේ Topic එකේ Power එක එන්න එන්න වැඩි උන නිසාත්,කාන්තා පාර්ශවයේ අධි සංඛ්‍යාතී හඬවල් ඉදිරියේ නිදන්ගත වී තිබූ අපේ කන් අමාරු එන්න එන්නම දරුණු වූ නිසාත් මේ දැවෙන ටොපික් එක අපේ Batch එකේ Top Board එකට යොමු කලා.Top Board  එකේ 4දෙනෙක්(Top Board  කියුවට මුන් ටික නිකම් පන්ති මොනිටෑර්ලා ටිකක් අනේ....) හිටියට,බැච් එකේ සහෝදරවරුන්ගේ දැවෙන ප්‍රශ්න හමුවේ එඩිතරව,හරියට Braveheart එකේ විලියම් වොලස් වගේ නැගී සිටින්නේ එකම එක කොල්ලයි.ඒ අපේ සසිරි අයියා,ආදරේට අපි කියන්නේ සොනික් කියලා.ඉතින් අපේ සසිරි කොල්ලා,අපිවත් එකතු කොරගෙන වැඩේට බැස්සා.අනේක වු බාධා හමුවේ,තමන්ගේම අතිජාත මිතුරන්ගේ සුමිහිරි වූ හූ නාදය මධ්‍යයේ Lecture Hall එකේ වේදිකාවට නැග්ග අපේ සසිරි කොල්ලා බැච් එකේ හැමෝවම දැනුවත් කොලා.යන්න කතා කරගත්තේ සීගිරිය බලන්න,කස්ටියත් එක පයින්ම OK Bro කියලා වැඩේ Second කොලා.අන්තිමට අපේ සසිරි කොල්ලට තවත් නමක් පටබැඳුනා King කාශ්‍යප කියලා.... :D

වැඩේ හොඳට ඕර්ගනයිස් කොරගෙන යනකොට ඕං අකරතැබ්බ එන්න පටන්ගත්තා.මුලින් 100කට වැඩි දෙනක් නම් දුන්නට පස්සෙ පස්සෙ ඒ නම් එකින් එක හැලෙන්න පටන්ගත්තා.මෙහෙම සීන්කෝන් එකක් තියෙනවා.අපේ බැච් එකේ කස්ටියක් අපිත් එක්ක තරහයි නොවැ,මුන් අපේ වැඩේට බකට් පාර දාන්න අතන මෙතන කුමන්ත්‍රණ කලා කියලා කනින් කොනින් ආරංචි උනා.හොඳ වැඩක් කරනකොට ඔහොම ජල්තරස් කේස් වැටෙනවනෙ,ඒ උනාට අපේ කින්(ග්) කාශ්‍යපතුමා ඕවා ගනන් ගන්නෙ නැතුව වැඩේ Continue කොරගෙන ගියා.අන්තිමට යන්න සෙට් වුනේ 65යි.200ක් ඉන්න බැච් එකේ ඕං බැච් ෆිට් එක,බලාගන්නම වටින සීන් එක......

 කොහොමින් කොහොමහරි Trip එක යන දවස උදා උනා.ඒ වෙනකොට සියලු සබ්බ සකලමනාවම(කෑම බීම ටික,යන්න එන්න බස් එක) ලෑස්ති කොරලයි තිබුනේ ඕං.දවස උනේ මැයි 10,මගේ 22වැනි උපන් දිනේ.අපේ කසිටියගේ සුබ පැතුම් එක්ක,දෙයියො බුදුන් සිහි කොරගෙනම අපේ ගමන උදෙන්ම පිටත් උනා.ඉතින් සීගිරියට යනකන් ෆුල් ෆන්.සින්දු කියුවා,බෙර ගැහුවා,නැටුවා..බස් එක ඇතුලේ එක විකාරයයි.සීගිරියට එනකොට උදේ 10.30යි.සීගිරිය නගින්න ඉස්සෙල්ලා සීගිරි මියුසියම් එක බලලා ඉවරකොරගත්තා. වෙනදට මැශින් වගේ ක්‍රියා කරන චැටබොක්ස් ටික මාරම ගේමක් දීලා වහගත්ත (සෙව්වන්දි නංගි ඇතුලු) අපේ කාන්තා පාර්ශවය,සීගිරි ගල නැගලා පටස් ගාලා බැස්සා.ඇයි ඉතින් බඹරු ටික අවුස්සගත්තොත් වැඩේ සෙත්තපෝච්චිනෙ.....

දවල් කෑම ලෑස්ති කරලා තිබුන කඩේ අයිතිකාර අයියට, ආපහු ජීවිතේට Buffet නොදාන්න හිතෙන තරමට අපේ කස්ටිය හොඳට ලන්ච් එක එන්ජෝයි කොලා.දඹුල්ලෙදි බස් එක පොඩ්ඩක් නතර කොලා.මුලු ටවුමටම තමුන්ගේ සැඟවුනු නර්තන කුසලතා පෙන්නන්න හිතපු අපේ අයියලා ටික,බස් එකෙන් බැහැලා,දඹුල්ලෙ ටවුම මැද,අපේ Sweet කෙල්ලන්ගෙ Drum Beats වලට නැටුවේ දෙනෝදාහක් සෙනග බලා ඉන්දැද්දි.ඒ ඩාන්ස් එක හොඳටම එන්ජෝයි කලේ එතන හිටපු අහිංසක හිඟන සීයා කෙනක්.බස් එකේ හිටපු අපේ කොල්ලො කෙල්ලො ටික Hat Collection එකක් දාලා ඒ සීයගෙ දවස වර්ණවත් කලේ රු.400කට නොඅඩු ගානක් තෑගි කොරලා.....

හවස අපි ගියා කන්ඩලම වැව් ඉස්මත්තට. එතනදි අපේ කස්ටිය මට නියම සප්රයිස් පාටියක් දුන්නා නොවැ.ලස්සන කේක් එකක් හදලා එවල තිබුනෙ අපේ සෙව්වගෙ නංගි කැටේ.හැපි බර්ත්ඩේ සින්දුව කියල එහෙම කේක් කැපුවා හරි අපූරුවට. ඒ මොහොත මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ.කන්ඩලම වැව සිසාරා හමාගෙන ආපු සිහිල් සුළං රැලිවල පහස විඳගත්ත අපි,එතනින් කෙලින්ම ආවෙ අඹේපුස්සට.රෑට එතනින් ආප්ප කාලා,ප්ලේන් ටී බීලා,ගෙදර දොරකඩට එනකොට පාන්දර 1යි.

ඕං ඔහොම තමා අපේ Batch Trip එක ඉවරවුනේ.ඉවරකරන්න කලියෙන් කියන්න දෙයක් තියෙනවා....

ට්‍රිප් එක ගැන කියනකොට බොරුවට Talks දීල OK Bro කියාපු ඇඩ්වටීස්මන්ට්කාරයො ටික ට්‍රිප් එක ආවනම්,අනිවා ඩෙෆා ට්‍රිප් එක චොර වෙනවා.Batch Fit එක ගැන දන්න,Batch trip එකක් විඳින්න දන්න නියම Mindset එකක් තියෙන කොල්ලෝ කෙල්ලෝ 65ක් හිටපු නිසා ට්‍රිප් එක 200%ක් සර්ව සම්පූර්ණ උනා.


ඕං ඔච්චරයි කියන්න තියෙන්නේ......එහෙනං හැමෝටම චෙරියෝ කියලා මම Dismiss වෙනවා...... :D

(ඡායාරූපය හොරකම් කලේ අපේ බැච් එකේ එල කොල්ලෙක් වන උදුල් කාංචන ජයසිංහ සහෝදරයාගෙන්)

Friday, May 6, 2011

ඉල්ලාගෙන ටොපි කෑම

ලාංකීය හුදී ජනතාව ටොපි(කොලඹ හතේ උච්ඡාරණයට අනූව ටොෆීස්) කෑමෙහිලා අති දක්ෂයෝ වෙති.ඩෙල්ටා,හැක්ස්,බන්ටි,බුලටෝ වැනි ටොපි වර්ග ශ්‍රී ලංකාව තුල ඉතාමත් සුලබ බැවින්,අපේ ජනතාව ටොපි කන්නට මහත් රුසියෝ වෙති. ඉල්ලාගෙන ටොපි කෑම වනාහි වෙනම කලාවකි. මෙහි අර්ථය මලලසේකර,ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ් වැනි සුවිසල් ශබ්දකෝශවල සොයාගැනීමට අපහසුය.තාර්කික මනසකින් විග්‍රහ කර බලනවිට මෙහි සරලම අර්ථය වනාහි අහක යන කුනු ගොඩක් ඇඟේ දමා ගැනීමය. එම නිසා මෙයට අහක යන ටොපි ඉල්ලාගෙන කෑම කියුවත් වැරදි නැත.

මාගේ අවුරුදු 21ක කාලය තුල(ලබන්නා වු 10වැනිදාට මට වයස 22ක් පිරේ) මම අනන්ත වූ ටොපි ප්‍රමානයක් අනුභව කර ඇත්තෙමි.ඒ වාගේම වූ ප්‍රමානයක අහක යන ටොපිද හොඳට ගිල ඇත්තෙමි.ඇත්ත වශයෙන්ම කියනවානම් මෙය පිරිමි අපටම අනන්‍ය වු ලක්ෂණයක්දෝ කියා කල්පනා කර බලන විට සිතේ.යම් කිසි කෙනෙක් තවත් අයෙක්ව මරා දැමීමෙන් අනතුරුව,ඝාතනයට ලක්වූ පුද්ගලයා අවතාරයක් වී ඝාතකයා පසුපස හඹා එන්නේ කෙසේද,අහක යන ටොපි ඉල්ලාගෙන කෑම යන කරුමය අප පසුපස හඹා එන්නේ ඒ ආකාරයටය.

ඉල්ලාගෙන ටොපි කෑමේ අලුත්ම සිද්ධිය මෙසේය. අපේ පන්තියේ මුස්ලිම් ගැහැණු ළමයෙකු සිටී.ඇයට අපි ෆාතිමා කියා කියමු(ඇත්ත වශයෙන්ම මම තවම ඇයගේ සත්‍ය නම නොදනිමි).අපේ කාණ්ඩයේ සිටින අප සැමගේ ගජයෙකි,මොහොමඩ්(නාමය මනඃකල්පිතය).හිත හොඳ මොහොමඩ් පන්තියට සාමාන්‍යයෙන් පැමිනෙන්නේ පරක්කු වෙලාය. එසේ පැමිනෙන සෑම අවස්ථාවකදීම ඔහුගේ නම කියා කෑගැසීම අපගේ සිරිත වී ඇත.

සැවොම තේරුම්ගත යුත්තේ මෙයයි.තරුණ කොල්ලෝ නාකියෝ නොවෙති.නම කියා කෑගසන්නේ විනෝදයට මිස,ඔහු හෝ ඇයව අපාහසුතාවයට පත්කිරීමට නොවේ.මේ ක්‍රියාවලිය සිදුවන්නේද ගුරුවරයෙකු නැතිවිටය.අපගේ අවාසනාවට හා පන්තියේ සිටින එකම මුස්ලිම් කාන්තාව නිසා, මොහොමඩ්ගේ නම කියා කෑගසන විට ෆාතිමා සිතුවේ ඇයට මොහොමඩ්ව ඈඳීමට අප සැම ක්‍රියා කරන බවයි.

පෙරේදා තත්වය දුරදිග ගියේය.ෆාතිමා,තම පියා සමග පැමිණ මේ පිලිබඳව පැමිණිලි කලාය. ඇය කියා සිටියේ මෙසේ කෑගැසීම ඇයට මානසික අසහනයක් බවයි.එතනින් නොනැවතුනු ෆාතිමා,පිරිමි ළමුන් 10දෙනෙකුගේ නම්, අපගේ පරිපාලන අංශයට ඉදිරිපත් කරමින් පාළු ගෙදර වළං බිඳීමක් සිදු කලාය.මේ නම් 10ට මගේ නමද ඇතුලත් වී තිබුනි.ඇත්ත වශයෙන්ම කියනවානම් අප කවදාවත් ෆාතිමාට කෑගසා නැත.කෑගසන්නට ඇයගේ නමවත් අප දන්නේ නැත. වහාම ක්‍රියාත්මක වූ අපි,මේ අසාධාරණ පැමිණිල්ලට එරෙහි අපගේ විරෝධය  පරිපාලනය ඉදිරියේ හොවාදැක්වූවෙමු.සාකච්ඡා අරඹිණි.සාධාරනයක් කරන්නට පරිපාලනය පොරොන්දුවු නිසා අප සිතුවේ තත්වය සමතයකට පත්වේයැයි කියාය.

නමුත් සිදුවූයේ අනිකකි.සිද්ධිය ගෙදරටද ආරංචි වී ඇති බව මා දැනගත්තේ අම්මා කතා කලපසුය.දෙමව්පිය සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ඇයට දන්වා ඇත.මාගේ කල්ක්‍රියාව හොඳ බව දන්නා අම්මා මේ ගැන තවත් විමසද්දී දුරකථනය අබිරහස් ලෙස විසන්ධි වී ඇත.ටික වේලාවක් යද්දී චූදිතයන් දසදෙනාගේම ගෙවල්වලට දුරකථන ඇමතුම් ලැබී තිබුනි.දෙමව්පිය සාකච්ඡාවක් මාර්ගයෙන් මේ සිද්ධිය මව්පියන්ට දැන්වීමට පරිපාලනයට අවශ්‍ය වී තිබුණි.අප කිසි වරදක් නොකල බවත්,ඒක පාර්ශවීය නොවී ද්විපාර්ශවීයව මේ ප්‍රශ්නය විසඳන ලෙස අපි පරිපාලනයට තරයේ දන්වා සිටියෙමු.

දින දෙකක් ප්‍රශ්නය දික්ගැස්සුනි.අවසානයේ මව්පියන් ගෙන්වීමට අපට සිදුවිය. සියලු වැඩ පසෙක දමා රු:600ක් වියදම් කරගෙන අපේ අම්මා ත්‍රී වීලරයකින් පැමිණියාය.ඉතිරි දෙමව්පියෝත් පමිණ සිටියහ.එක් මවක් පැමිණ සිටියේ හලාවත සිටය.සිදුවූ හාස්‍යජනකම සිද්ධිය නම්,දින 2ක් තිස්සේ දික්ගැස්සුනු සිදුවීම සමථයකට පත්කිරීමට ගතවූයේ විනාඩි 10ක් වීමය.සියලුම දෙමව්පියන් ඉදිරියේ පරිපාලනය දන්වා සිටියේ අප සියලු දෙනාම ඉතා හොඳින් වැඩ කටයුතු කරන බවත්, අපේ දෙමව්පියන් ගෙන්වා ගත්තේ පන්ති කාමරය තුල සිදුවන  
අනවශ්‍ය කෑගැසීම් වලක්වා ගන්නට,අප සැමගේ සහය පරිපාලනයට ලබා ගන්නට, දෙමව්පියන් ලවා අප උත්සුක කරවාගැනීමට බවත්ය.අසාධාරණ ලෙස සිදුකල පැමිණිල්ල සම්බන්ධව විමසා සිටින විට පරිපාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කලබව කිව යුතු මනාය.

දෙමව්පියන්ට කියූ දේවල්,එදා දුරකථන ඇමතුම් දුන් වේලාවේම කියුවානම් ප්‍රශ්නයත් සමථයකට පත් වී, අපෙත්,දෙමව්පියන්ගේත්,පරිපාලනයේත් වටිනා කාලය ඉතිරි වන්නට තිබුනි.බළලුන් ලවා කොස් ඇට බෑවීමට කල් මැරූ අපේ පරිපාලන නිළදරයන්ට අවාසනාවකට එසේ නොසිතුනු නිසා,නැවත වතාවක් අහක යන ටොපියක් ඉල්ලාගෙන කන්නට අපට සිදුවිය. අවසානයේ මානසික පීඩාවට ලක්වුනේ ෆාතිමා නොව කොහේවත් සිටි අපය.කෙසේවුවද,මගේ හොඳ ඇසූ නිසා අම්මා මට අමතර රු:100ක් දී යන්නට ගියාය.

අහක යන ටොපියක් නිසා මම නැවත වරක් ජීවිත අත්දැකීමක් විඳගත්තෙමි.අපේ අම්මාට සිදුවූයේ රු:700ක පාඩුවක් විඳගැනීමටය.

Tuesday, May 3, 2011

Bin Laden සහ කිරිපිටි

ආයුබෝවේවා සහෝදර සහෝදරියනි.ටික දවසකට පස්සෙ අනංමනං Blog එකෙන් ආපහු set උනා අනංමනං Scene එකක් Blog එකේ දාන්න....

ඊයේ හවස අපේ අම්මා තාත්තට කියනවා මට ඇහුනා "මීටපස්සෙ හවසට කිරිතේ බොන එකත් නවත්තන්න වෙයි,ඔන්න කිරිපිටි ආපහු ගනන් ගිහින්..." කියලා.ඇත්ත වශයෙන්ම කියනවානම් සහෝදර සහෝදරියනි,මාගේ මෑණියන්ගේ මේ අති භයංකාර වූත්,උද්දච්ච කුක්කුච්ච වූත් ප්‍රකාශය හමුවේ මාගේ උදරය සලිත වී,වෙව්ලා ගියා.ඇයි හත්දෙයියනේ,ඔය රස තේ එක බොන්න බලාගෙනනෙ මම Zing ගාලා ගෙදර දුවලා එන්නෙ, ඉතින් බයවෙන සාධාරනයිනෙ සහෝදරවරුනි....

අද මට යන්න පරක්කු උන නිසා අපේ ඩැඩා මට අද Lift එකක් දුන්නා.ඔය යන අතරේ Radio එකේ ගිය Conversation එකක් අහන්න ලැබුනා.ඒක අහලා තමා මට අද Blog එක ලියන්න හිතුනේ...ඕං අහගන්නකෝ කතන්දරේ....

පි : ඔන්න මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්.ලෑස්තිද?මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය,ශ්‍රී ලංකාවට කිරිපිටි සපයන ප්‍රධාන සැපයුම්කරුවා කවුද?


ගැ : ඕස්ට්‍රේලියාව


පි : නෑ...නැවත උත්සහ කරන්න...


ගැ : නවසීලන්තය...


පි : එහෙ වැඩිය හරක් හිටියට ඒක නෙමෙයි පිළිතුර...උත්සහ කරන්න...


ගැ : ඔසාමා බින් ලාඩන්....


පි : ඔව් ඔබ නිවැරදියි,ඔසාමා බින් ලාඩන් තමා පිළිතුර...මොකද කියනවනම් ඔසාමා බින් ලාඩන් මැරුන ගමන්ම ලංකාවේ කිරිපිටි වැඩිකලානෙ....ඒ නිසා ශ්‍රී ලංකාවට කිරිපිටි සපයන ප්‍රධාන සැපයුම්කරුවා ඔසාමා බින් ලාඩන්.....


මාර Conversation එක නේද? ඒක අහලා මටයි,තාත්තටයි මැරෙන්න හිනා....

Bin Laden සහ කිරිපිටි.....


පස්සෙ ආපහු හම්බුවෙමු ඕකෙයිස්....ජයවේවා.....