මේ දවස්වල තියෙන්නෙ මහ ජරා වැස්සක් මෙයාලා......ඇඳෙන් නැගිටින්නෙ අපේ අම්මගෙ හොරණෑවෙ සුමිහිරි නාදය ඇහුනට පස්සෙ(No offence mom :D)........කාලගුණේ මහත්තුරු කියන්නෙ මාසයක් එක දිහට වහිනවා කියලා....හෆොයි....#@%*&^%
වැස්ස කියුවම මතක් වෙන තව දෙයක් තමයි සීතල.සීතල කියුවම ආපහු මට මතක් වුනේ AC එක.අපේ electrical engineer අයියලා හිතනවද දන්නෙ නෑ මේක Alternative Current කියලා...නෑ මෙයාලා,මම කියුවෙ Air Conditioner එක ගැන, වායුසමීකරණ යන්තරේ....:D
AC එක ගැන mention කොරනකොට හොඳ අනංමනං කතාවක් මතක් උනා.මේක අපි ඉගෙනගන්න තැන(දන්නෝ දනිති) උනා කියල කියන scene එකක්.මෙන්න මේකයි කතාව....
අපිට උගන්නන්න හිටිය lady ටීචෑර් කෙනෙකුට තමා මේක වෙලා තියෙන්නෙ.හරිම ජරබරස් case එකක් මෙයාලා,කොල්ලොන්ට මේ ටීචෑර්ස්ව පේන්න බෑ(Hint: අතීත නදියක නමක් මෙයාට තියෙන්නෙ...දැන් දන්නෝ දනිති නේද???).අපේ කතානායකතුමියගේ පන්තියක හිටියා කොල්ලෙක්,වැඩේම නිදාගන්න එක.ටීචෑර්සුත් මෙයාව හොඳට target කොරගෙන හිටියේ.එක දවසක් හොඳ සැප නින්දක් දාගෙන හිටපු මේ අහිංසක කොල්ලව අහු උනා අපේ ටීචෑර්ස්ට.දවස් කීපයක් සිත තුල කැකෑරි කැකෑරි තිබුන ටීචෑර්ගෙ තරහ පිට උනේ මෙන්න මෙහෙම....
"ඔය ළමයා කුරුඳුවත්තෙ සල්ලිකාරයෙක්ද?තමුන්ගෙ අම්මලා දුක් මහන්සි වෙලා නේද මෙහෙට ඔය ළමයව එවන්නෙ?නිදාගත්තම හරියනවද ළමයෝ?නිදාගන්න ඕනනම් ගෙදර ගිහින් නිදාගන්නවා..."
හිමින් සැරේ ඇස් ඇරපු අපේ senior සහෝ මොකක් කියුවා කියලද හිතන්නෙ???අපේ සහෝ කියුවලු....
" අපේ ගෙදර AC නැහැනෙ Madam......"
එදා ඉඳන් අපේ senior සහෝ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නැහැලු මේ ටීචෑර්ස්.....:D
අදට ඇති....පස්සෙ set වෙමු හොඳේ........
සී යූ වේවා..... :D
AC kathava ela ane heee heee
ReplyDeleteටැන්කියු......;D
ReplyDeletehehe!!! Mage bokka ape Teacher :D :P hikzz
ReplyDeleteආයිත් අහලා හිකිස්.....;D
ReplyDeleteAhhhh meh kiyanne afe මිස්.K gana නේ??? :D
ReplyDelete