Tuesday, August 9, 2011

සිපිරි ගෙය

කොහෙදෝ සිට පැමිණි
නිම නොවුනු ගිම්හානය
කතා කළා මට
හරිම ආදරෙන්......


විශ්ලේෂණාත්මක දත්ත ගොන්නේ
අනිත්‍ය රාමුවක කැරකැවෙන
පරිගණකගත භෞතීස්මයට
තිත තියපන්......


ජීවිතේ විඳින්න
අරුත්බර වෙන්න
ඉලෙක්ට්‍රෝනිකවාදී මායාවට
පයින් ගහපන්......


ඒත්
පරක්කු වැඩියි
ඩිජිටල් අවකාශයේ
යතුරු රහිත යදම්වලට
මම
සම්පූර්ණයෙන්ම සිරවෙලා අවසන්......


සිපිරි ගෙය
අද හරිම මූසලයි...................


8 comments:

  1. කුම්බලා මාළු කෑවනං දුක විඳපන් බළලෝ කිව්වලු :ඪ්
    …එළ

    ReplyDelete
  2. විද්‍යූත් , කලා , වාස්තු කියා වෙනසක් නැත ..... යතුරු නැති යදම් වලට අප සිර වී හමාරයි ........ සිරා

    ReplyDelete
  3. @උදයංග අයියා : හක හක,කුම්බලා මාළු කට්ට උගුරෙ හිරවෙලා පල්ලෙහාට දාගන්න බැරුව නටනවා.....ස්තූතියි සහෝ....

    @දිලින : එකෙන්ම සහෝ...කට්ටටම හිරවෙලා අවසන්....කොමෙන්ට් එකට පින්....

    ReplyDelete
  4. ලොකු තැන් මෙහෙම විදවනවා නං අපි ගැන මොන කතා ද???? හ්ම්ම්ම්ම්........

    ReplyDelete
  5. Poddak theruna madi vage mata :P
    But I still love your writing accent <3

    ReplyDelete
  6. එකෙක් පසු පස එක එකා දුවනා රැල්ලක අපිද නොදැනමුදු කොටස් කරුවන් වී හමාරය.දැන් ඉතින් රේස් එක දුවනවා වෙනුවට වෙන මොනා කරන්නද..............
    දුවමු බන් දුවමු පුලුවන් තරම් දුවමු..................

    ReplyDelete