Thursday, June 16, 2011

Proජෙක්ට්......

මා ප්‍රිය Blog පාඨක අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,යාළුවේ,යෙහෙළියේ........අසරණ වූ ගැත්තාට සමාවනු මැනවි.අති සුවිසල් වූ කාල පරාසයකට පස්සේ (හරියටම මාසයක්) ඔබ සැම හමුවීමට ලැබීම ගැන මා සිටින්නේ ඉමහත් වූ ප්‍රීතියකින්.ගෙවීගිය සති 3ක පමණ කාලය මා හට ඉතාමත් කර්කශ වූ period එකක් බැව් ඔබට පවසන්නේ කිසිදු බියකින් තොරවයි.Diploma එකේ අවසන් project එක නිම කිරීමට සති එකහමාරක් අත්ථිකිලමතානු යෝගය පිරූ මට, අවසානයේ සිදුවූයේ තවත් සති එකහමාරක් බෙහෙත් පෙති 8ක් ගිලමින් ගෙදරට වී  "පෙතිගිලානයෝගය" පිරීමටයි. ජීවිතයේ පළමුවතාවට ක්ලාන්තය අත්විදීමට අවස්ථාව උදාකරගත්තද, බොහෝම අමාරුවෙන් බිම නොවැටී දෙපයින් සිටගෙන සිටීමට මා පින්කර තිබුණි,නැත්නම් නංගිලාගෙන් අනිවාර්යයෙන් අතිමහත් චාටරයක් කෑමට ඉඩ තිබුණි.දොස්තර මහතාගේ නිගමනයට අනුව මගේ pressure එකද බැස තිබුණි.මගේ අතිජාත මිතුරා වන දිලින ජනදිත් පවසන ආකාරයට ඔහුට pressure බැස්සවිට කවි ලියන්නට හැකිලු. 'උට බැරිනම් මට බැරි මොකද' කියා මමත් try පාරක් දුන්නෙමි.නමුත් කවි ලියන්නට මනස සකස්කරගැනීමට නොහැකිවූ තැන වැඩේ අතහැර,  Pressure බැස්සවිට කවි ලිවීමේ Technique එක ප්‍රගුණ කරන ආකාරය දිලින ලොක්කාගෙන් අසාදැනගැනීම සඳහා පිඹුරුපත් සකස්කළෙමි.

අද Blog එකේ මාතෘකාවට තෝරාගන්නට සිතුවේ අපේ ඩිප්ලොමා ප්‍රොජෙක්ට් එක පිළිබඳවය.'ඇයි ඒ?' කියා කවරෙකුහෝ විමසනවානම්,මා එයට දෙන පිළිතුර  'මගේ හද්ද කම්මැලි ජීවිතය කියන ගොලුබෙලි කට්ටෙන් මාව එළියට ඇදලා දැම්මේ  Project එක' කියායි.මා පමණක් නොව,  ලසන්ත(ලැසී), අදීශ(අදියා), බනුර(බනූ) කියන්නාවූ ඉතිරි සාමාජික සාහෝදර තුන්කට්ටුවද Tune up කර ගත්තේ, අද දවසේ උද්දෘතය මගිනි.

 Project  එකේ මාතෘකාව වූයේ System Design ය. නමගිය ආයතනයක් අල්ලාගෙන එහි තිබෙන System එකට වඩා හොඳ System එකක් නිර්මාණය කිරීමට අපට සිදුවිය.System එක implement කරන්නට (Program කරන්නට) දුන්නේ නැත, අපට කරන්නට දී තිබුණේ Design එක පමණි.අප තොරාගත්තේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තුමේන්තුවේ මානව සම්පත් කලමනාකරණ අංශයයි.පරණ පිනකට අදීශට සහ මට ඩිප්ලෝමා එකේ Distinction ලැබී තිබුණි.Distinction එක ගොඩගැනීමටනම් project එක මැයි 31ට ප්‍රථමයෙන් බාරදීය යුතුය,නැත්නම් Distinction එක කප්පාදු කර දමයි.එයට මූලික හේතුව නම් Distinction එකට  ලබාදෙන රු:10000 යටිමඩි ගැසීමය.Distinction නැතිවුනත් ලැසියා සහ බනුවා අපේ Distinction බේරාදීම සඳහා සටනට අවතීර්ණ වූහ. ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවට මහ ඇණයක් වූ අපි, එහි වූ දූවිලි පිරුණු file අවුස්සමින්, වැඩ කරන පිරිසගෙන් නොයකුත් ප්‍රශ්න අසමින්, කිසිම වැදගැම්මකට නැති ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවේ HRM System එක උඩුයටිකුරු කරමින් project වැඩ දිගටම ඇදගෙන ගියෙමු.

කවදත් අපට කොකා පෙන්වන පරිපාලනය,මෙවර අපට කොකා පෙන්නුවේ මැයි 31වෙනිදාට යොදා තිබුණු දවස 27වෙනිදාට දැමීමෙන්ය. ඉතිරිව තිබුණේ දවස් 5කි. ඉවරකරන්නට තව වැඩ සෑහෙන තිබුණි.ඔක්කොම වෙන්නේ හොඳටයි කියමින් ඉතිරි දවස් 5ම නිදි මැරීමට අපි තීරණය කලෙමු.ඒ සඳහා තෝරාගත්තේ බනුවාගේ ගෙදරය.කඩවතට එහා ඉතාමත් නිසංසල පරිසරයක ඇති බනුවාගේ ගෙදර සිට නිදිමරාගෙන, ඉතිරි වැඩ ටික ඉවරයක් කර දැමුවෙමු.පොඩි අවුලකට තිබුනේ බනුවාගේ ගෙදර Earth Line එකය. එක වේලාවකට පිස්සු නටන බනුවලාගේ  Earth Line එක නිසා,මම අම්බානක current වද්දාගත්තෙමි. ඊළඟ වතාවේ එනවිට එය විසඳා තබන බවට බනුවා පොරොන්දු විය.

කෙසේ හෝ වේවා 27වෙනිදාට යෙදී තිබුණු  VIVA, 30වැනිදා දක්වා කල් ගියේය. අමතර දවස් 3ක් ලබාදුන් පරිපාලනයට නොව දෙවියන්ට පින්දුන් අප, මෙවර රිංගුවේ ලැසියලාගේ ගෙදරටය.project එකේ තිබුණු වැරදි නිවැරදි කර සම්පූර්ණ කරගැනීමට අපට ඒ දවස් 3 ප්‍රමාණවත් විය.31 වැනිදා 10.45ට පමණ යෙදුනු සුබ මොහොතින්,දවස් ගණනක් ඉමහත් කට්ටක් කාගෙන designකල System project එක,submit කර VIVA දෙන ලදී. Project කිහිපයක්ම reject වෙද්දී, අපේ project එක accept වුනේ නැවතී තිබූ අපේ හදවත් නැවත පණ ගන්වමිනි.

Proජෙක්ට් කතන්දරය එසේ නිමාවට පත්විය.කතන්දරය මෙසේ නිමාව දකිද්දී, අපේ වෑයම සාර්ථක කරගැනීමට අපට සහයදුන් අය අමතක නොකිරීමට මම තීරණය කලෙමි.වටිනාම ස්තූතිය පිදිය යුත්තේ අපගේ දෙමව්පියන්ටයි.ඔවුන්ගේ ආශිර්වාදය හා අනුබලය අපට නිසි අයුරින් නොලැබුනානම් මේ තරම් සාර්ථකවූ project එකක් කරගැනීමට අපට නොහැකිවන්නට තිබුණි.අපට නවාතැන් දී, කවදත් පිරවීමට නොහැකි අපේ කුසවල් රසබර ආහාරයන්ගෙන් පිරවූ බනුවාගේ සහ ලැසියාගේ දෙමව්පියන්ට විශේෂ ස්තූතිය මෙහිදී පුද කර සිටිමි.කවදත් අප සමග සිටින මිතුරු මිතුරියන්වද මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරමි.ඔවුන්ගෙන් අපට ලැබුනු සහය අතිමහත්ය.නියමිත දිනයට පයින් ගසා,හිතුමනාපය පරිදි දින යොදමින්,project එක තවත් සාර්ථකව නිම කරන්නට අපට පෝෂණය සැපයූ පරිපාලනයද මෙහිදී මතක් කිරීම වටී.

උදව් දුන්,නොදුන් සියලූම දෙනාට නැවත වතාවක් ස්තූතිය පිරිනමින් අදට Hiyal ද මෑන්ගේ අනංමනං Blog එකෙන් සමුගන්නම්.අවසර...............





(ඡායාරූප සහය : උදුල් කංචන ජයසිංහ)

7 comments:

  1. මැක්සා මචං... උඹට සිහිමූර්ජා වුනේ කොහොමද කියල.., කියල නෑනේ...?? :)

    ReplyDelete
  2. අඩෝ....සිහිමූර්ඡා වුනේ නෑ හරිය......:D thnk u 4da comment bro.....:D

    ReplyDelete
  3. අ‍ඩොඃ ලොක්කා ..... මගේත් pressure බැහැල බං ..... ලියමුද දෙන්නම කවි ...... එල එල සිරා post එක....

    ReplyDelete
  4. හප්පෙ... ඔන්න මාත් ආවෝ... හිහ් හිහ් හිහ්... මේ බ්ලොග් එක දැක්කෙ අද. කියෙව්වෙත් අද. පලවෙනි කමෙන්ට් එකත් දාන්නෙ අද. ඔක්කොටම කලින් සුභ පැතුම්, ජීවිතේ බේරගෙන ප්‍රජෙක්ට් එක කරපු එකට. හිහ් හිහ් හිහ්...
    දිගටම ලියන්නො.... :) :)
    කමෙන්ට් කරනකොට තියන සිකියුරිටි අඩු කරොත් හොදයි නේ???

    ReplyDelete
  5. @ නඟා : තෑන්ක් යූ සහෝදරී....ප්‍රොජෙක්ට් එක දීලා යන්තම් ජීවිතේ බේරගන්න පුළුවන් වුනා....අනිවා අනිවා,මම අඩු කරන්නම්...

    බ්ලොග් එකට ජොයින් වුනාට පින්....:D

    ReplyDelete