Saturday, April 30, 2011

Royal Wedding

මිලියනයකට වැඩි ජනතාවක් දෑස් දල්වගෙන බලාගෙන හිටපු මහා මංගල උත්සවේ ගිය සිකුරාදා(29) ඉර නොබසින අධිරාජ්‍යයේදී පැවැත්වුනා ඕං....

Royal Wedding එක.....


ඉතිං ආයුබෝවන්ඩ...William අයියගෙයි Kate අක්කගෙයි මංගල්ලෙ ගැනනම් කියන්න දේවල් ගොඩයි.සුදු මහත්තුරුන්ගෙ වෙලාවෙන් උදේ 9ට තිබුන මේ උත්සවේ,ලෝකෙ පුරා හිටපු මිලියන 30කට වැඩි ජනතාවක් TV එකේ බලලා තියෙනවලු.ඒකත් රෙකෝඩ් එකක් ආයුබෝවන්ඩ,1981 තිබුන Charles-Diana Wedding එක බලලා තියෙන්නේ මිලියන 28.4ලු.ඇයි ඉතින් මිලියන 300කට වැඩි මංගල සිහිවටන ලොකේ පුරාම අලෙවි වෙලාලුනේ,බලමුකො එකෙත් හැටි....

Wedding එකේ කේක් එක ගැනයි,ආපු කස්ටියයි,අපු කස්ටියගෙ ඇඳුම් ගැනයි කතාකරන්න ගියොතින් ආයුබෝවන්ඩ,මට බ්ලොග් 3ක්වත් ලියන්න වෙයි.මේ උත්සවේ මම දැක්කෙ එකම හොඳ දෙයයි....William අයියගෙ ආච්චිඅම්මා නොහොත් Elizabeth මහ රාජිනිය,උත්සවේට ආරාධනා කොරලා තිබුනේ ලොකු ලොකු පැලැන්තිවල කස්ටියට විතරයි.ඒ උනාට Kate අක්කා එහෙම නෙමෙයි,පවුලේ අයට වගේම එයාට හැමදාම පුවත්පත ගෙනල්ලා දෙන මනුස්සයටයි,කිරිහලේ අයිතිකාරයටයි ආරාධනා කොරන්න අමතක කලේ නෑ.ඕං බලන්ඩ ආයුබෝවන්ඩ,රජ පවුලට එකතුඋන පලවෙනි උපාධිධාරී කුල කාන්තාව වෙච්චි Kate අක්කගෙ(දැන් Cambridge ආධිපාධිතුමිය) නිහතමානීකම....

ඉතින් ආයුබෝවන්ඩ අද අනංමනං Blog එකේ විස්තරේ ඕක තමා.ඉවර කරන්න කලියෙන්  ප්‍රාර්ථනා කොරනවා මෙහෙම......

Kate අක්කට Dianaට වෙච්චි දේ සිදු නොවේවා!!! Kate අක්කා තවත් Diana කෙනෙක් නොවේවා!!!


William අයියටයි, Kate අක්කටයි සුබ මංගලම් කියුවා එහෙනම්.....


සැමට ජය...... :D

2 comments: