Monday, June 11, 2012

චංචලා සහ නිදිකුම්බා නැටි

පාන්දර 4.30ට වැඩට ගිහින් ගෙදරට ගොඩ බැස්සේ දැනුයි...ෂෙහ්...මහන්සියි..නිදිමතයි...පට්ටෙටම.....
නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ.....
ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ....
මාර මහන්සියි....
දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා..
ඩාවින්ගේ අනුවර්තනය වීමේ න්‍යාය...
ඩාවින් බීගල් නැවේ නැගලා ලෝකේ වටේ රවුම් ගහලා පරිණාමය හොයාගත්තා..
අපි ලෝකේ වටේ දුවනවා දුවනවා
ඉවරයක් නෑ
ඒත් මොනවද අපි හොයාගත්තේ????
අපේ සෙට් එකේ පොරවල් කියනවා වගේ
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්....
කා බී සැනසෙන අපිට
තව කොච්චර බිව්වත්,බීලා වැමෑරුවත්
මේකට උත්තරයක් හොයගන්න
පුලුවන් වෙයිද???
බලමු...ට්‍රයි එකක් දෙමු ගට අරගෙන
හැබැයි පස්සෙ වෙලාවක.....


උදේ පාන්දර මම කරන රස්සාව දන්නෝ දනිති
රූප පෙට්ටියේ
අඟල් 15 සිට 42 දක්වා වූ බැමි දාපු සීමාවක
විනාඩි කට්ට 45පාරක් රවුම ගහනකන්
පත්තර කියවීම.... 
කාගෙත් කතාවට භාජනය වෙච්චි
කිරිකැට් මැච් පෙන්නන
නමගිය ලොකු අතුවලින් පරිපූර්ණ වෙච්චි
අකුරු තුනේ නාලිකාවක
පොඩි පහේ නිවේදක ජොබ් කට්ටක්
කරනවා මම අහිංසක විදියට....
ක්‍රීඩා පිටුවට විතරක් මුල් තැන දුන්නත්
පත්තරේ අනිත් කෑලි ටික දිහා බලන්නත්
අමතක කරන්නේ නෑ...
අද උදෙත් ගත්තා පත්තරයක් අතට
ලංකාවේ නමගිය පත්තරේක අද ඉඳන් පටන් ගන්න හොඳ ටැබ්ලොයිඩ් කෑල්ලකට
ඇහැ ගියා ඉබේටම...
ලාංකීය තරුණ පරපුරේ කට් වෙච්ච,ජොල් වෙච්ච ඇඟවල්වලට හොඳ ඔළුවක් දෙන්න
සෙල්සියස් 37 උෂ්ණත්වය, 38 නොවී,37ම තියාගන්න
අද සිට ආරම්භ වන නවතම ආදර ක්‍රියාන්විතය
අකුරු සහ ග්‍රැෆික් සම්පින්ඩණයෙන්
හරි අපූරුවට එකට එකතු කරලා තිබුණා....
පට්ට.....


යං ජෙනරේෂන් එකට ආමන්ත්‍රණය කරන මේ ටැබ් එකේ
නියම කෑල්ලක් තිබුණා
ලංකාවේ පරසිදු නිලි බට්ටියෙකුට
දීලා තිබුණා හොඳ ප්‍රශ්ණ පත්තරයක්
එයැයි ඒකට දීලා තිබ්බා නියම උත්තර ටිකක්
මරු ආ....
Solid.....
මේ නිලි බට්ටි කවුරුත් නෙමෙයි
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
දේශපාලනේ කතා කොරන්න ගිහින් හොට බිම ඇනගෙන
පක්සෙත් මාරු කරපු
චංචලා....
ඕං අහපු ප්‍රශ්ණ වලට දීපු උත්තර



  • හෙරළි කියන්නෙ මොනවටද? නිදිකුම්බා නැටි....
  • Troy සිනමා පටියේ ප්‍රධාන නළුවා කවුද? ක්‍රිස් ගේල්
  • අම්බරුවන් කියන්නේ කාටද? මදුරුවන්ට
  • මාතර අච්චි නමින් ප්‍රසිද්ධියට පත්වුණේ? රංචාගොඩ ළමයාගේ ආච්චි
  • රජරට සේවය පිහිටා ඇත්තේ? මහනුවර



පෙර වාසනාවකට අහපු අනිත් ප්‍රශ්ණවලට දීපු උත්තර යන්නතම් හරි ගිහින්...
3 වසරේ ළමයෙක්ටත් උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්ණවලට 
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
ජනප්‍රිය නිලි ලේබලය අලවාගත්

උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
ඔන්න දීපු උත්තර...
අනේ පබා....
දේශපාලනේ කොරන්න කලියෙන්
හෙරළි සහ අම්බරුවන් කියන්නෙ මොනවද කියලා දැනගත්තනම්
හොඳයි නේද
පබා නෝනේ........
රඟපාන්න ඉස්සෙල්ලා
පරණ ෆිල්ම් ටිකක් බලලා
රජරට සේවය පොඩ්ඩක් ඇහුවනම්
හොඳයි නේද
මන්ත්‍රීතුමියනි.......
තවත් කියන්නට දෙයක් නම් නෑ...
ඒත් මේ වගේ
තරුණ හිත්වලට ඇමන්ත්‍රණය කරන්න හදන
 හොඳ වැදගත් දේකට
3 වසරේ කොල්ලො කුරුට්ටන්ග් මානසිකත්වයක්වත් නැති
මෙවැනි වූ 
බොරු සෙප්පඩ නිලි බට්ටියන්ව
ඈඳා නොගන්නා ලෙස 
ආදරයෙන් ඉල්ලනවා
අපේ ආදරණීය පත්තර කලාවේදී සහෝදරයන්ගෙන්.....


අලුත් ටැබ් එකට ආසිරි පතන ගමන් 
කැපෙන්නම්...
සෙල්සියස් 37ට ටෙම්පරේචරේ තියාගෙන
Six Pack ඇඟවල්වලට හොඳ ඔළුවක් හදාගන්න....
ජය වේවා......


ප.ලි :
 පත්තරේටත් වැරදිලා...
ශාරුක් ඛාන්ට අයිති ටීම් එක මුම්බයි ඉන්දියන්ස් නෙමෙයි
කොල්කටා නයිට් රයිඩර්ස්....
පත්තරේටත් හරි උත්තරේ මිස් වෙච්චි එකේ
පබා ගැන කවර කතාද?















  



5 comments:

  1. හඃ හඃ හඃ!!! සුපිරියි සහෝදරයා!!! ඉස්සරහට අපිට වැඩි වැඩියෙන් , ලොකු ලොකු නාලිකාවල ඔබතුමා දකින්නට ලැබෙන බවට හොඳටම විස්වාසයි කොල්ලෝ!!! ජය!! [උපේක්ෂා ගැන කියල වැඩක් නැහැ බං!! රටම දන්නවනේ ඒකිගේ කෙරුවාව!!!]

    ReplyDelete
  2. බොහොම ස්තූතයි සහෝදරයා.....ලැජ්ජයි වගේ බං,හි හි......:)

    ReplyDelete
  3. අයියෝ පබා.......... මම නං තනි ඇහෙං හොටු පෙරෙන්නම බෙල්ල කපාගන්නව එතනම... අනිව. පට්ට ආටිකල් එක හියලෝ.... :P

    ReplyDelete
  4. බොහොම ස්තූතයි Saliya සහෝ......:)

    ReplyDelete
  5. ‍ඇහ්‍.. ‍පා‍බා‍ට ‍එ‍ක ‍එ‍ක ‍ක‍තා ‍කි‍යන්‍‍ඩ ‍එ‍පා ‍හො‍දේ.. ‍එ‍කි ‍ර‍ට ‍නෙ ‍හැ‍දු‍නෙ ‍වැ‍ඩු‍නේ.. ‍මන්‍ ‍එ‍කි‍ට ‍ආ‍ද‍රේ‍යි

    ReplyDelete