දවස් 3ක විතර හීනි නිවාඩුවක් හම්බවුන නිසා සිතට දැනුනේ මාර lovely feeling එකක්.හිතට ආපු නිදහසේ කාහල නාදය කොච්චර සුමිහිරිද කියනවානම්, සතියකට කලින් කරන්න හිතාගෙන හිටපු වැඩ කීපයක්ම මගේ මනස ඉදිරියේ ඉතාමත් පැහැදිලි ස්වරූපයෙන් මැවී පෙනුනා.කවදත් වගේ හිතට ආපු 1st feeling එක වුනේ හොඳ ආතල් නින්දක් දාන එක."පැය 24න් පැය 12ක්ම කරන්නේ නිදාගන්න එකනේ...." ඔන්න මගේ ආදරණීය සිතුවිල්ලට අපේ අම්මා දුන්න reply එක. අග්නිසරයක් වගේ එල්ලවුන අම්මාගේ සත්‍යවාදී reply එක ඉදිරියේ මම,මගේ සිතිවිල්ලත් කුදලාගෙන side ගැහුවා. ඊටපස්සේ මම කල්පනා කලා,"යකෝ...2nd semester එක්සෑමුත් ළඟ ළඟම එනවනේද?අන්තිම වෙනකන් හිටියොත් sorry.com තමා" කියලා.එහෙම කල්පනා කරපු මම,පොත් ටික එක්කාසු කරගෙන මේසෙට ගොඩ උනා.ගොඩ උනාට මොකද,පොත් ටික එකතුකර ගත්තම මට ඒ ටික පෙනුනේ පුද්ගලානුරූපීව,හරියට මාව ගිලගන්න බලාගෙන ඉන්න යකෙක් වගේ."විභාගයට සතියකට කලින් පාඩම් කිරීම" කියන න්‍යාය කොහෙද ඉඳන් මට කතා කරනවා වගේ හැඟිච්ච නිසාම,මම මේසෙන් නැගිට්ටේ තව මොනවද ඉතුරුවෙලා තියෙන options කියලා කල්පනා කරගෙන.
Idealessව වටපිට බලපු මට,තවත් idea එකක් ඔළුවට කිඳාබැස්සේ මගේ අතිවිසාල පොත් රාක්කය දැක්කමයි.අන්තිමට පොත් රාක්කය සුද්දකලේ(හරියට) මීට මාස 2කට විතර කලින් වෙච්ච නිසාමදෝ,ආපහු ඒක මකුළුවන්ට කදිම ජනාවාසයක් බවට ඉතාමත් වේගයෙන් පරිවර්තනය වේගෙන එන බව මගේ විනිවිද දකින සුලු ඇස් දෙකට පෙනී ගියා.හිතට ආපු kick එක ආශිර්වාදයක් කරගෙන හා හා පුරා කියලා පටන් ගත්තා පොත් රාක්කෙ අස්කරන්න.දූවිලිවලට හරි සංවේදී වෙච්ච නහයක් උරුම මම,හෙම්බිරිස්සාවේ අනිසි දුක උරුම කරගන්න කැමති වුනේ නැති නිසා,ලේන්සුවකින් නහය වහගෙන වැඩේ continue කරගෙන ගියා.වැඩේ continue කරගෙන යනකොට මට අහු උනේ හරි අපූරු පොතක්.ඒ තමා අපේ Science Day එකේ Souvenir එක. Souvenir එක දැක්කම මගේ මතකය,අවුරුදු 2ක අතීතයට පටස් ගාලා log උනේ high speed internet connection එකක් පාවච්චි කරනවා වගේ.Science Day එක organize කරපු හැටි,laptop හොයාගන්න බැරිව ගෙවල්වල තිබ්බ desktop pc ටික උස්සගෙන ගිහින් එක තැනක සෙට් වෙලා වැඩ කරපු හැටි,සල්ලි හොයාගන්න organizersලා හොයාගන්න චාටර් කාපු හැටි,එකී නොකී හැම දේම මතක් වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ මතකෙත් එක්ක souvenir එකේ පිටු කීපයක් පෙරලනකොට මම නැවතුනේ souvenir එකේ අන්තිම හරියෙ තිබුන නිසදැසක් ළඟ.ඒක ලියුවෙ මමයි,මගෙ අතිජාත මිත්‍රයා වන දිලිනයි.
Science Day එකේ souvenir එක හදන්න බාරවුනේ මටයි,දිලිනටයි.වැඩේ එක පයින්ම බාරගත්ත අපි දෙන්නා,නිවාඩු දවසක සෙට් උනා දිලින ලොක්කගෙ ගෙදර.හෝමගමින් හොඳ කොත්තුවක් කාපු අපි දෙන්නා,කාපු කොත්තුව බඩට බහින්නත් එක්ක 5km ක් එක හුස්මට දුවගෙන අවා,කෙළින්ම ඇවිත් නතර වුනේ දිලින ලොක්කගෙ ගෙදර.ඊට පස්සේ souvenir එක හදන්න හිතින් හොඳ master plan එකක් ගහපු අපි දෙන්නා,හිතපු ප්ලෑන sketch කළා.මධ්‍යම රාත්‍රිය වෙනකන්,හොඳ සින්දු ටිකක් කනට වැටෙන්න රේඩියෝ එකේ මීටරේට දස වද දිදී චැනල් මාරු කර කර ,අපි දෙන්නා souvenir එක sketch කර කර හිටියා.මෙහෙම ඉන්නකොට තමා දිලිනයා කියුවේ,"මචං,සමරුව ලස්සන වෙන්න අපිත් වැඩ කෑල්ලක් දාමු.උඔ හොඳ නිසදැසක් ලියපන්..." කියලා.මටත් ඉතින් හරි පල්ලම,මම කියුවා "මම ලියන්නම්...උඔ ඇඳපන් ඒකට එල චිත්‍රයක්...".ළඟ පාත තිබුණු කොලයක් අරගත්ත මම හිතේ තිබුණ feelings ඔක්කොම එකට එකතු කරලා ලියුවා නිසදැසක්.නිසදැස ලියලා ඉවරවෙනකොටම වගේ මගේ අතිජාත මිත්‍රයත් මම ලියපු නිසදැසට හරියන්න නියම කංචුකයක් ගහලා තිබුනා.අපි දෙන්නා එකතුවෙලා නිසදැසට දැම්ම මාතෘකාව වුනේ "දයාබර යෞවනය" . මෙන්න අපේ නිසදැස....
මේ නිසදැස දැක්කම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට හිතුණා.A/L කාලෙදී අපි දෙන්නට තිබුණෙ දහසක් බලාපොරොත්තු. A/L කාලේ හැම කොල්ලෙක්ම දකින normal හීන තමයි අපි දැක්කෙත්. දිලින ලොක්කා කළේ Maths.මෑන්ස් හිතාගෙන හිටියෙ ඉංජිනේරුවෙක් හරි Air Force Pilot කෙනෙක් හරි වෙන්න.මම කළේ Bio.මගේ හිතේ තිබුණ අහිංසක බලාපොරොත්තුව වුනේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් results ආවට පස්සේ ඒ හීන එහෙම්මම කෑලි කෑලිවලට අපි ඉස්සරහම බිඳිලා ගියා.කොටින්ම කියනවානම්,අපි දෙන්නා ජීවිතේ කවදාවත් නොහිතපු පැති 2කට තල්ලු වෙලා ගියේ නොදැනුවත්වම කියුවොත් මගේ අතිජාත මිත්‍රයා මගෙත් එක්ක එකඟ වෙනවා ඇති.අද දිලින ලොක්කා Mora යුනියෙ Architecture Department එකේ එල වැඩකරුවෙක්.මගේ ජීවන එන්ජිම දුවන්නේ කොම්පියුටර් ලොජික්ස්,කොම්පියුටර් ලැන්වේජස් එක්ක තමා.කවුද හිතුවෙ අපි මේවා කරයි කියලා.ජීවිතේ හිතපු දේවල්, කරන්න හිතාගෙන හිටපු දේවල් කොච්චර වෙනස් වුනත්,අපි දෙන්නගෙ එදා ඉඳන් තිබුණ යාලුකම වෙනස් වෙලා නෑ අංශු මාත්‍රයකින්වත්.ඒ ගැන අපි ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා.
මේ ඔක්කොම මතකයන් අතරේ හිරවෙලා හිටපු මට,යාන්තමට වගේ අම්මගෙ කටහඬ ඇහුනා.souvenir එක පැත්තකින් තියලා,කර කර හිටපු වැඩේටත් එහෙමම තිත තියලා,මතකෙට හදිසියෙන් වගේ ආපු සුන්දර මතක ටික එකට පොදි කරගෙන අම්මා ඉන්න දිහාට හිමින් හිමින් ඇදුනා.ඇත්තටම ජීවිතේ කොච්චර රැඩිකල්ද කියලා මට ආයිත් කල්පනා උනා......
Tuesday, June 28, 2011
Thursday, June 16, 2011
Proජෙක්ට්......
මා ප්‍රිය Blog පාඨක අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ,යාළුවේ,යෙහෙළියේ........අසරණ වූ ගැත්තාට සමාවනු මැනවි.අති සුවිසල් වූ කාල පරාසයකට පස්සේ (හරියටම මාසයක්) ඔබ සැම හමුවීමට ලැබීම ගැන මා සිටින්නේ ඉමහත් වූ ප්‍රීතියකින්.ගෙවීගිය සති 3ක පමණ කාලය මා හට ඉතාමත් කර්කශ වූ period එකක් බැව් ඔබට පවසන්නේ කිසිදු බියකින් තොරවයි.Diploma එකේ අවසන් project එක නිම කිරීමට සති එකහමාරක් අත්ථිකිලමතානු යෝගය පිරූ මට, අවසානයේ සිදුවූයේ තවත් සති එකහමාරක් බෙහෙත් පෙති 8ක් ගිලමින් ගෙදරට වී "පෙතිගිලානයෝගය" පිරීමටයි. ජීවිතයේ පළමුවතාවට ක්ලාන්තය අත්විදීමට අවස්ථාව උදාකරගත්තද, බොහෝම අමාරුවෙන් බිම නොවැටී දෙපයින් සිටගෙන සිටීමට මා පින්කර තිබුණි,නැත්නම් නංගිලාගෙන් අනිවාර්යයෙන් අතිමහත් චාටරයක් කෑමට ඉඩ තිබුණි.දොස්තර මහතාගේ නිගමනයට අනුව මගේ pressure එකද බැස තිබුණි.මගේ අතිජාත මිතුරා වන දිලින ජනදිත් පවසන ආකාරයට ඔහුට pressure බැස්සවිට කවි ලියන්නට හැකිලු. 'උට බැරිනම් මට බැරි මොකද' කියා මමත් try පාරක් දුන්නෙමි.නමුත් කවි ලියන්නට මනස සකස්කරගැනීමට නොහැකිවූ තැන වැඩේ අතහැර, Pressure බැස්සවිට කවි ලිවීමේ Technique එක ප්‍රගුණ කරන ආකාරය දිලින ලොක්කාගෙන් අසාදැනගැනීම සඳහා පිඹුරුපත් සකස්කළෙමි.
අද Blog එකේ මාතෘකාවට තෝරාගන්නට සිතුවේ අපේ ඩිප්ලොමා ප්‍රොජෙක්ට් එක පිළිබඳවය.'ඇයි ඒ?' කියා කවරෙකුහෝ විමසනවානම්,මා එයට දෙන පිළිතුර 'මගේ හද්ද කම්මැලි ජීවිතය කියන ගොලුබෙලි කට්ටෙන් මාව එළියට ඇදලා දැම්මේ Project එක' කියායි.මා පමණක් නොව, ලසන්ත(ලැසී), අදීශ(අදියා), බනුර(බනූ) කියන්නාවූ ඉතිරි සාමාජික සාහෝදර තුන්කට්ටුවද Tune up කර ගත්තේ, අද දවසේ උද්දෘතය මගිනි.
Project එකේ මාතෘකාව වූයේ System Design ය. නමගිය ආයතනයක් අල්ලාගෙන එහි තිබෙන System එකට වඩා හොඳ System එකක් නිර්මාණය කිරීමට අපට සිදුවිය.System එක implement කරන්නට (Program කරන්නට) දුන්නේ නැත, අපට කරන්නට දී තිබුණේ Design එක පමණි.අප තොරාගත්තේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තුමේන්තුවේ මානව සම්පත් කලමනාකරණ අංශයයි.පරණ පිනකට අදීශට සහ මට ඩිප්ලෝමා එකේ Distinction ලැබී තිබුණි.Distinction එක ගොඩගැනීමටනම් project එක මැයි 31ට ප්‍රථමයෙන් බාරදීය යුතුය,නැත්නම් Distinction එක කප්පාදු කර දමයි.එයට මූලික හේතුව නම් Distinction එකට ලබාදෙන රු:10000 යටිමඩි ගැසීමය.Distinction නැතිවුනත් ලැසියා සහ බනුවා අපේ Distinction බේරාදීම සඳහා සටනට අවතීර්ණ වූහ. ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවට මහ ඇණයක් වූ අපි, එහි වූ දූවිලි පිරුණු file අවුස්සමින්, වැඩ කරන පිරිසගෙන් නොයකුත් ප්‍රශ්න අසමින්, කිසිම වැදගැම්මකට නැති ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තුමේන්තුවේ HRM System එක උඩුයටිකුරු කරමින් project වැඩ දිගටම ඇදගෙන ගියෙමු.
කවදත් අපට කොකා පෙන්වන පරිපාලනය,මෙවර අපට කොකා පෙන්නුවේ මැයි 31වෙනිදාට යොදා තිබුණු දවස 27වෙනිදාට දැමීමෙන්ය. ඉතිරිව තිබුණේ දවස් 5කි. ඉවරකරන්නට තව වැඩ සෑහෙන තිබුණි.ඔක්කොම වෙන්නේ හොඳටයි කියමින් ඉතිරි දවස් 5ම නිදි මැරීමට අපි තීරණය කලෙමු.ඒ සඳහා තෝරාගත්තේ බනුවාගේ ගෙදරය.කඩවතට එහා ඉතාමත් නිසංසල පරිසරයක ඇති බනුවාගේ ගෙදර සිට නිදිමරාගෙන, ඉතිරි වැඩ ටික ඉවරයක් කර දැමුවෙමු.පොඩි අවුලකට තිබුනේ බනුවාගේ ගෙදර Earth Line එකය. එක වේලාවකට පිස්සු නටන බනුවලාගේ Earth Line එක නිසා,මම අම්බානක current වද්දාගත්තෙමි. ඊළඟ වතාවේ එනවිට එය විසඳා තබන බවට බනුවා පොරොන්දු විය.
කෙසේ හෝ වේවා 27වෙනිදාට යෙදී තිබුණු VIVA, 30වැනිදා දක්වා කල් ගියේය. අමතර දවස් 3ක් ලබාදුන් පරිපාලනයට නොව දෙවියන්ට පින්දුන් අප, මෙවර රිංගුවේ ලැසියලාගේ ගෙදරටය.project එකේ තිබුණු වැරදි නිවැරදි කර සම්පූර්ණ කරගැනීමට අපට ඒ දවස් 3 ප්‍රමාණවත් විය.31 වැනිදා 10.45ට පමණ යෙදුනු සුබ මොහොතින්,දවස් ගණනක් ඉමහත් කට්ටක් කාගෙන designකල System project එක,submit කර VIVA දෙන ලදී. Project කිහිපයක්ම reject වෙද්දී, අපේ project එක accept වුනේ නැවතී තිබූ අපේ හදවත් නැවත පණ ගන්වමිනි.
Proජෙක්ට් කතන්දරය එසේ නිමාවට පත්විය.කතන්දරය මෙසේ නිමාව දකිද්දී, අපේ වෑයම සාර්ථක කරගැනීමට අපට සහයදුන් අය අමතක නොකිරීමට මම තීරණය කලෙමි.වටිනාම ස්තූතිය පිදිය යුත්තේ අපගේ දෙමව්පියන්ටයි.ඔවුන්ගේ ආශිර්වාදය හා අනුබලය අපට නිසි අයුරින් නොලැබුනානම් මේ තරම් සාර්ථකවූ project එකක් කරගැනීමට අපට නොහැකිවන්නට තිබුණි.අපට නවාතැන් දී, කවදත් පිරවීමට නොහැකි අපේ කුසවල් රසබර ආහාරයන්ගෙන් පිරවූ බනුවාගේ සහ ලැසියාගේ දෙමව්පියන්ට විශේෂ ස්තූතිය මෙහිදී පුද කර සිටිමි.කවදත් අප සමග සිටින මිතුරු මිතුරියන්වද මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරමි.ඔවුන්ගෙන් අපට ලැබුනු සහය අතිමහත්ය.නියමිත දිනයට පයින් ගසා,හිතුමනාපය පරිදි දින යොදමින්,project එක තවත් සාර්ථකව නිම කරන්නට අපට පෝෂණය සැපයූ පරිපාලනයද මෙහිදී මතක් කිරීම වටී.
උදව් දුන්,නොදුන් සියලූම දෙනාට නැවත වතාවක් ස්තූතිය පිරිනමින් අදට Hiyal ද මෑන්ගේ අනංමනං Blog එකෙන් සමුගන්නම්.අවසර...............
Thursday, May 12, 2011
Batch Trip
ආයුබෝවන් වාසනාවන් සහෝදර සහෝදරියනි.කලකට පස්සේ වෙලකට බැස්සේ යන පැරණි කියමන මතක් කොරගෙනම ඕං මම Blog එකට Enter වුනා කලකට පස්සේ.....:D
අද මට ලියන්න හිතුනා අපේ Batch Trip එක ගැන.කාලෙක ඉඳන් අපේ බැච් එකේ(HDCBIS 10.2-Higher Diploma in Computer Based Information Systems 10.2 ) කෙල්ලෝ කොල්ලෝ ටික ට්‍රිප් 1ක් යමුය,මෙහෙම ඉඳලා බැරිය කියලා, Batch Trip නැමැති Very Common ටොපික් එකට එන්ටෑර් උනා.දවසින් දවස මේ Topic එකේ Power එක එන්න එන්න වැඩි උන නිසාත්,කාන්තා පාර්ශවයේ අධි සංඛ්‍යාතී හඬවල් ඉදිරියේ නිදන්ගත වී තිබූ අපේ කන් අමාරු එන්න එන්නම දරුණු වූ නිසාත් මේ දැවෙන ටොපික් එක අපේ Batch එකේ Top Board එකට යොමු කලා.Top Board එකේ 4දෙනෙක්(Top Board කියුවට මුන් ටික නිකම් පන්ති මොනිටෑර්ලා ටිකක් අනේ....) හිටියට,බැච් එකේ සහෝදරවරුන්ගේ දැවෙන ප්‍රශ්න හමුවේ එඩිතරව,හරියට Braveheart එකේ විලියම් වොලස් වගේ නැගී සිටින්නේ එකම එක කොල්ලයි.ඒ අපේ සසිරි අයියා,ආදරේට අපි කියන්නේ සොනික් කියලා.ඉතින් අපේ සසිරි කොල්ලා,අපිවත් එකතු කොරගෙන වැඩේට බැස්සා.අනේක වු බාධා හමුවේ,තමන්ගේම අතිජාත මිතුරන්ගේ සුමිහිරි වූ හූ නාදය මධ්‍යයේ Lecture Hall එකේ වේදිකාවට නැග්ග අපේ සසිරි කොල්ලා බැච් එකේ හැමෝවම දැනුවත් කොලා.යන්න කතා කරගත්තේ සීගිරිය බලන්න,කස්ටියත් එක පයින්ම OK Bro කියලා වැඩේ Second කොලා.අන්තිමට අපේ සසිරි කොල්ලට තවත් නමක් පටබැඳුනා King කාශ්‍යප කියලා.... :D
වැඩේ හොඳට ඕර්ගනයිස් කොරගෙන යනකොට ඕං අකරතැබ්බ එන්න පටන්ගත්තා.මුලින් 100කට වැඩි දෙනක් නම් දුන්නට පස්සෙ පස්සෙ ඒ නම් එකින් එක හැලෙන්න පටන්ගත්තා.මෙහෙම සීන්කෝන් එකක් තියෙනවා.අපේ බැච් එකේ කස්ටියක් අපිත් එක්ක තරහයි නොවැ,මුන් අපේ වැඩේට බකට් පාර දාන්න අතන මෙතන කුමන්ත්‍රණ කලා කියලා කනින් කොනින් ආරංචි උනා.හොඳ වැඩක් කරනකොට ඔහොම ජල්තරස් කේස් වැටෙනවනෙ,ඒ උනාට අපේ කින්(ග්) කාශ්‍යපතුමා ඕවා ගනන් ගන්නෙ නැතුව වැඩේ Continue කොරගෙන ගියා.අන්තිමට යන්න සෙට් වුනේ 65යි.200ක් ඉන්න බැච් එකේ ඕං බැච් ෆිට් එක,බලාගන්නම වටින සීන් එක......
කොහොමින් කොහොමහරි Trip එක යන දවස උදා උනා.ඒ වෙනකොට සියලු සබ්බ සකලමනාවම(කෑම බීම ටික,යන්න එන්න බස් එක) ලෑස්ති කොරලයි තිබුනේ ඕං.දවස උනේ මැයි 10,මගේ 22වැනි උපන් දිනේ.අපේ කසිටියගේ සුබ පැතුම් එක්ක,දෙයියො බුදුන් සිහි කොරගෙනම අපේ ගමන උදෙන්ම පිටත් උනා.ඉතින් සීගිරියට යනකන් ෆුල් ෆන්.සින්දු කියුවා,බෙර ගැහුවා,නැටුවා..බස් එක ඇතුලේ එක විකාරයයි.සීගිරියට එනකොට උදේ 10.30යි.සීගිරිය නගින්න ඉස්සෙල්ලා සීගිරි මියුසියම් එක බලලා ඉවරකොරගත්තා. වෙනදට මැශින් වගේ ක්‍රියා කරන චැටබොක්ස් ටික මාරම ගේමක් දීලා වහගත්ත (සෙව්වන්දි නංගි ඇතුලු) අපේ කාන්තා පාර්ශවය,සීගිරි ගල නැගලා පටස් ගාලා බැස්සා.ඇයි ඉතින් බඹරු ටික අවුස්සගත්තොත් වැඩේ සෙත්තපෝච්චිනෙ.....
දවල් කෑම ලෑස්ති කරලා තිබුන කඩේ අයිතිකාර අයියට, ආපහු ජීවිතේට Buffet නොදාන්න හිතෙන තරමට අපේ කස්ටිය හොඳට ලන්ච් එක එන්ජෝයි කොලා.දඹුල්ලෙදි බස් එක පොඩ්ඩක් නතර කොලා.මුලු ටවුමටම තමුන්ගේ සැඟවුනු නර්තන කුසලතා පෙන්නන්න හිතපු අපේ අයියලා ටික,බස් එකෙන් බැහැලා,දඹුල්ලෙ ටවුම මැද,අපේ Sweet කෙල්ලන්ගෙ Drum Beats වලට නැටුවේ දෙනෝදාහක් සෙනග බලා ඉන්දැද්දි.ඒ ඩාන්ස් එක හොඳටම එන්ජෝයි කලේ එතන හිටපු අහිංසක හිඟන සීයා කෙනක්.බස් එකේ හිටපු අපේ කොල්ලො කෙල්ලො ටික Hat Collection එකක් දාලා ඒ සීයගෙ දවස වර්ණවත් කලේ රු.400කට නොඅඩු ගානක් තෑගි කොරලා.....
හවස අපි ගියා කන්ඩලම වැව් ඉස්මත්තට. එතනදි අපේ කස්ටිය මට නියම සප්රයිස් පාටියක් දුන්නා නොවැ.ලස්සන කේක් එකක් හදලා එවල තිබුනෙ අපේ සෙව්වගෙ නංගි කැටේ.හැපි බර්ත්ඩේ සින්දුව කියල එහෙම කේක් කැපුවා හරි අපූරුවට. ඒ මොහොත මට කවදාවත්ම අමතක වෙන එකක් නෑ.කන්ඩලම වැව සිසාරා හමාගෙන ආපු සිහිල් සුළං රැලිවල පහස විඳගත්ත අපි,එතනින් කෙලින්ම ආවෙ අඹේපුස්සට.රෑට එතනින් ආප්ප කාලා,ප්ලේන් ටී බීලා,ගෙදර දොරකඩට එනකොට පාන්දර 1යි.
ඕං ඔහොම තමා අපේ Batch Trip එක ඉවරවුනේ.ඉවරකරන්න කලියෙන් කියන්න දෙයක් තියෙනවා....
ට්‍රිප් එක ගැන කියනකොට බොරුවට Talks දීල OK Bro කියාපු ඇඩ්වටීස්මන්ට්කාරයො ටික ට්‍රිප් එක ආවනම්,අනිවා ඩෙෆා ට්‍රිප් එක චොර වෙනවා.Batch Fit එක ගැන දන්න,Batch trip එකක් විඳින්න දන්න නියම Mindset එකක් තියෙන කොල්ලෝ කෙල්ලෝ 65ක් හිටපු නිසා ට්‍රිප් එක 200%ක් සර්ව සම්පූර්ණ උනා.
ඕං ඔච්චරයි කියන්න තියෙන්නේ......එහෙනං හැමෝටම චෙරියෝ කියලා මම Dismiss වෙනවා...... :D
(ඡායාරූපය හොරකම් කලේ අපේ බැච් එකේ එල කොල්ලෙක් වන උදුල් කාංචන ජයසිංහ සහෝදරයාගෙන්)

ඕං ඔච්චරයි කියන්න තියෙන්නේ......එහෙනං හැමෝටම චෙරියෝ කියලා මම Dismiss වෙනවා...... :D(ඡායාරූපය හොරකම් කලේ අපේ බැච් එකේ එල කොල්ලෙක් වන උදුල් කාංචන ජයසිංහ සහෝදරයාගෙන්)
Friday, May 6, 2011
ඉල්ලාගෙන ටොපි කෑම
ලාංකීය හුදී ජනතාව ටොපි(කොලඹ හතේ උච්ඡාරණයට අනූව ටොෆීස්) කෑමෙහිලා අති දක්ෂයෝ වෙති.ඩෙල්ටා,හැක්ස්,බන්ටි,බුලටෝ වැනි ටොපි වර්ග ශ්‍රී ලංකාව තුල ඉතාමත් සුලබ බැවින්,අපේ ජනතාව ටොපි කන්නට මහත් රුසියෝ වෙති. ඉල්ලාගෙන ටොපි කෑම වනාහි වෙනම කලාවකි. මෙහි අර්ථය මලලසේකර,ඔක්ස්ෆර්ඩ්,කේම්බ්‍රිජ් වැනි සුවිසල් ශබ්දකෝශවල සොයාගැනීමට අපහසුය.තාර්කික මනසකින් විග්‍රහ කර බලනවිට මෙහි සරලම අර්ථය වනාහි අහක යන කුනු ගොඩක් ඇඟේ දමා ගැනීමය. එම නිසා මෙයට අහක යන ටොපි ඉල්ලාගෙන කෑම කියුවත් වැරදි නැත.
මාගේ අවුරුදු 21ක කාලය තුල(ලබන්නා වු 10වැනිදාට මට වයස 22ක් පිරේ) මම අනන්ත වූ ටොපි ප්‍රමානයක් අනුභව කර ඇත්තෙමි.ඒ වාගේම වූ ප්‍රමානයක අහක යන ටොපිද හොඳට ගිල ඇත්තෙමි.ඇත්ත වශයෙන්ම කියනවානම් මෙය පිරිමි අපටම අනන්‍ය වු ලක්ෂණයක්දෝ කියා කල්පනා කර බලන විට සිතේ.යම් කිසි කෙනෙක් තවත් අයෙක්ව මරා දැමීමෙන් අනතුරුව,ඝාතනයට ලක්වූ පුද්ගලයා අවතාරයක් වී ඝාතකයා පසුපස හඹා එන්නේ කෙසේද,අහක යන ටොපි ඉල්ලාගෙන කෑම යන කරුමය අප පසුපස හඹා එන්නේ ඒ ආකාරයටය.
ඉල්ලාගෙන ටොපි කෑමේ අලුත්ම සිද්ධිය මෙසේය. අපේ පන්තියේ මුස්ලිම් ගැහැණු ළමයෙකු සිටී.ඇයට අපි ෆාතිමා කියා කියමු(ඇත්ත වශයෙන්ම මම තවම ඇයගේ සත්‍ය නම නොදනිමි).අපේ කාණ්ඩයේ සිටින අප සැමගේ ගජයෙකි,මොහොමඩ්(නාමය මනඃකල්පිතය).හිත හොඳ මොහොමඩ් පන්තියට සාමාන්‍යයෙන් පැමිනෙන්නේ පරක්කු වෙලාය. එසේ පැමිනෙන සෑම අවස්ථාවකදීම ඔහුගේ නම කියා කෑගැසීම අපගේ සිරිත වී ඇත.
සැවොම තේරුම්ගත යුත්තේ මෙයයි.තරුණ කොල්ලෝ නාකියෝ නොවෙති.නම කියා කෑගසන්නේ විනෝදයට මිස,ඔහු හෝ ඇයව අපාහසුතාවයට පත්කිරීමට නොවේ.මේ ක්‍රියාවලිය සිදුවන්නේද ගුරුවරයෙකු නැතිවිටය.අපගේ අවාසනාවට හා පන්තියේ සිටින එකම මුස්ලිම් කාන්තාව නිසා, මොහොමඩ්ගේ නම කියා කෑගසන විට ෆාතිමා සිතුවේ ඇයට මොහොමඩ්ව ඈඳීමට අප සැම ක්‍රියා කරන බවයි.
පෙරේදා තත්වය දුරදිග ගියේය.ෆාතිමා,තම පියා සමග පැමිණ මේ පිලිබඳව පැමිණිලි කලාය. ඇය කියා සිටියේ මෙසේ කෑගැසීම ඇයට මානසික අසහනයක් බවයි.එතනින් නොනැවතුනු ෆාතිමා,පිරිමි ළමුන් 10දෙනෙකුගේ නම්, අපගේ පරිපාලන අංශයට ඉදිරිපත් කරමින් පාළු ගෙදර වළං බිඳීමක් සිදු කලාය.මේ නම් 10ට මගේ නමද ඇතුලත් වී තිබුනි.ඇත්ත වශයෙන්ම කියනවානම් අප කවදාවත් ෆාතිමාට කෑගසා නැත.කෑගසන්නට ඇයගේ නමවත් අප දන්නේ නැත. වහාම ක්‍රියාත්මක වූ අපි,මේ අසාධාරණ පැමිණිල්ලට එරෙහි අපගේ විරෝධය පරිපාලනය ඉදිරියේ හොවාදැක්වූවෙමු.සාකච්ඡා අරඹිණි.සාධාරනයක් කරන්නට පරිපාලනය පොරොන්දුවු නිසා අප සිතුවේ තත්වය සමතයකට පත්වේයැයි කියාය.
නමුත් සිදුවූයේ අනිකකි.සිද්ධිය ගෙදරටද ආරංචි වී ඇති බව මා දැනගත්තේ අම්මා කතා කලපසුය.දෙමව්පිය සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ඇයට දන්වා ඇත.මාගේ කල්ක්‍රියාව හොඳ බව දන්නා අම්මා මේ ගැන තවත් විමසද්දී දුරකථනය අබිරහස් ලෙස විසන්ධි වී ඇත.ටික වේලාවක් යද්දී චූදිතයන් දසදෙනාගේම ගෙවල්වලට දුරකථන ඇමතුම් ලැබී තිබුනි.දෙමව්පිය සාකච්ඡාවක් මාර්ගයෙන් මේ සිද්ධිය මව්පියන්ට දැන්වීමට පරිපාලනයට අවශ්‍ය වී තිබුණි.අප කිසි වරදක් නොකල බවත්,ඒක පාර්ශවීය නොවී ද්විපාර්ශවීයව මේ ප්‍රශ්නය විසඳන ලෙස අපි පරිපාලනයට තරයේ දන්වා සිටියෙමු.
දින දෙකක් ප්‍රශ්නය දික්ගැස්සුනි.අවසානයේ මව්පියන් ගෙන්වීමට අපට සිදුවිය. සියලු වැඩ පසෙක දමා රු:600ක් වියදම් කරගෙන අපේ අම්මා ත්‍රී වීලරයකින් පැමිණියාය.ඉතිරි දෙමව්පියෝත් පමිණ සිටියහ.එක් මවක් පැමිණ සිටියේ හලාවත සිටය.සිදුවූ හාස්‍යජනකම සිද්ධිය නම්,දින 2ක් තිස්සේ දික්ගැස්සුනු සිදුවීම සමථයකට පත්කිරීමට ගතවූයේ විනාඩි 10ක් වීමය.සියලුම දෙමව්පියන් ඉදිරියේ පරිපාලනය දන්වා සිටියේ අප සියලු දෙනාම ඉතා හොඳින් වැඩ කටයුතු කරන බවත්, අපේ දෙමව්පියන් ගෙන්වා ගත්තේ පන්ති කාමරය තුල සිදුවන
අනවශ්‍ය කෑගැසීම් වලක්වා ගන්නට,අප සැමගේ සහය පරිපාලනයට ලබා ගන්නට, දෙමව්පියන් ලවා අප උත්සුක කරවාගැනීමට බවත්ය.අසාධාරණ ලෙස සිදුකල පැමිණිල්ල සම්බන්ධව විමසා සිටින විට පරිපාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කලබව කිව යුතු මනාය.
දෙමව්පියන්ට කියූ දේවල්,එදා දුරකථන ඇමතුම් දුන් වේලාවේම කියුවානම් ප්‍රශ්නයත් සමථයකට පත් වී, අපෙත්,දෙමව්පියන්ගේත්,පරිපාලනයේත් වටිනා කාලය ඉතිරි වන්නට තිබුනි.බළලුන් ලවා කොස් ඇට බෑවීමට කල් මැරූ අපේ පරිපාලන නිළදරයන්ට අවාසනාවකට එසේ නොසිතුනු නිසා,නැවත වතාවක් අහක යන ටොපියක් ඉල්ලාගෙන කන්නට අපට සිදුවිය. අවසානයේ මානසික පීඩාවට ලක්වුනේ ෆාතිමා නොව කොහේවත් සිටි අපය.කෙසේවුවද,මගේ හොඳ ඇසූ නිසා අම්මා මට අමතර රු:100ක් දී යන්නට ගියාය.
අහක යන ටොපියක් නිසා මම නැවත වරක් ජීවිත අත්දැකීමක් විඳගත්තෙමි.අපේ අම්මාට සිදුවූයේ රු:700ක පාඩුවක් විඳගැනීමටය.

Tuesday, May 3, 2011
Bin Laden සහ කිරිපිටි
ආයුබෝවේවා සහෝදර සහෝදරියනි.ටික දවසකට පස්සෙ අනංමනං Blog එකෙන් ආපහු set උනා අනංමනං Scene එකක් Blog එකේ දාන්න....
ඊයේ හවස අපේ අම්මා තාත්තට කියනවා මට ඇහුනා "මීටපස්සෙ හවසට කිරිතේ බොන එකත් නවත්තන්න වෙයි,ඔන්න කිරිපිටි ආපහු ගනන් ගිහින්..." කියලා.ඇත්ත වශයෙන්ම කියනවානම් සහෝදර සහෝදරියනි,මාගේ මෑණියන්ගේ මේ අති භයංකාර වූත්,උද්දච්ච කුක්කුච්ච වූත් ප්‍රකාශය හමුවේ මාගේ උදරය සලිත වී,වෙව්ලා ගියා.ඇයි හත්දෙයියනේ,ඔය රස තේ එක බොන්න බලාගෙනනෙ මම Zing ගාලා ගෙදර දුවලා එන්නෙ, ඉතින් බයවෙන සාධාරනයිනෙ සහෝදරවරුනි....
අද මට යන්න පරක්කු උන නිසා අපේ ඩැඩා මට අද Lift එකක් දුන්නා.ඔය යන අතරේ Radio එකේ ගිය Conversation එකක් අහන්න ලැබුනා.ඒක අහලා තමා මට අද Blog එක ලියන්න හිතුනේ...ඕං අහගන්නකෝ කතන්දරේ....
පි : ඔන්න මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්.ලෑස්තිද?මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය,ශ්‍රී ලංකාවට කිරිපිටි සපයන ප්‍රධාන සැපයුම්කරුවා කවුද?
ගැ : ඕස්ට්‍රේලියාව
පි : නෑ...නැවත උත්සහ කරන්න...
ගැ : නවසීලන්තය...
පි : එහෙ වැඩිය හරක් හිටියට ඒක නෙමෙයි පිළිතුර...උත්සහ කරන්න...
ගැ : ඔසාමා බින් ලාඩන්....
පි : ඔව් ඔබ නිවැරදියි,ඔසාමා බින් ලාඩන් තමා පිළිතුර...මොකද කියනවනම් ඔසාමා බින් ලාඩන් මැරුන ගමන්ම ලංකාවේ කිරිපිටි වැඩිකලානෙ....ඒ නිසා ශ්‍රී ලංකාවට කිරිපිටි සපයන ප්‍රධාන සැපයුම්කරුවා ඔසාමා බින් ලාඩන්.....
මාර Conversation එක නේද? ඒක අහලා මටයි,තාත්තටයි මැරෙන්න හිනා....
Bin Laden සහ කිරිපිටි.....
පස්සෙ ආපහු හම්බුවෙමු ඕකෙයිස්....ජයවේවා.....

Saturday, April 30, 2011
Royal Wedding
මිලියනයකට වැඩි ජනතාවක් දෑස් දල්වගෙන බලාගෙන හිටපු මහා මංගල උත්සවේ ගිය සිකුරාදා(29) ඉර නොබසින අධිරාජ්‍යයේදී පැවැත්වුනා ඕං....
Royal Wedding එක.....
ඉතිං ආයුබෝවන්ඩ...William අයියගෙයි Kate අක්කගෙයි මංගල්ලෙ ගැනනම් කියන්න දේවල් ගොඩයි.සුදු මහත්තුරුන්ගෙ වෙලාවෙන් උදේ 9ට තිබුන මේ උත්සවේ,ලෝකෙ පුරා හිටපු මිලියන 30කට වැඩි ජනතාවක් TV එකේ බලලා තියෙනවලු.ඒකත් රෙකෝඩ් එකක් ආයුබෝවන්ඩ,1981 තිබුන Charles-Diana Wedding එක බලලා තියෙන්නේ මිලියන 28.4ලු.ඇයි ඉතින් මිලියන 300කට වැඩි මංගල සිහිවටන ලොකේ පුරාම අලෙවි වෙලාලුනේ,බලමුකො එකෙත් හැටි....
Wedding එකේ කේක් එක ගැනයි,ආපු කස්ටියයි,අපු කස්ටියගෙ ඇඳුම් ගැනයි කතාකරන්න ගියොතින් ආයුබෝවන්ඩ,මට බ්ලොග් 3ක්වත් ලියන්න වෙයි.මේ උත්සවේ මම දැක්කෙ එකම හොඳ දෙයයි....William අයියගෙ ආච්චිඅම්මා නොහොත් Elizabeth මහ රාජිනිය,උත්සවේට ආරාධනා කොරලා තිබුනේ ලොකු ලොකු පැලැන්තිවල කස්ටියට විතරයි.ඒ උනාට Kate අක්කා එහෙම නෙමෙයි,පවුලේ අයට වගේම එයාට හැමදාම පුවත්පත ගෙනල්ලා දෙන මනුස්සයටයි,කිරිහලේ අයිතිකාරයටයි ආරාධනා කොරන්න අමතක කලේ නෑ.ඕං බලන්ඩ ආයුබෝවන්ඩ,රජ පවුලට එකතුඋන පලවෙනි උපාධිධාරී කුල කාන්තාව වෙච්චි Kate අක්කගෙ(දැන් Cambridge ආධිපාධිතුමිය) නිහතමානීකම....
ඉතින් ආයුබෝවන්ඩ අද අනංමනං Blog එකේ විස්තරේ ඕක තමා.ඉවර කරන්න කලියෙන් ප්‍රාර්ථනා කොරනවා මෙහෙම......
Kate අක්කට Dianaට වෙච්චි දේ සිදු නොවේවා!!! Kate අක්කා තවත් Diana කෙනෙක් නොවේවා!!!
William අයියටයි, Kate අක්කටයි සුබ මංගලම් කියුවා එහෙනම්.....
සැමට ජය...... :D
Royal Wedding එක.....
ඉතිං ආයුබෝවන්ඩ...William අයියගෙයි Kate අක්කගෙයි මංගල්ලෙ ගැනනම් කියන්න දේවල් ගොඩයි.සුදු මහත්තුරුන්ගෙ වෙලාවෙන් උදේ 9ට තිබුන මේ උත්සවේ,ලෝකෙ පුරා හිටපු මිලියන 30කට වැඩි ජනතාවක් TV එකේ බලලා තියෙනවලු.ඒකත් රෙකෝඩ් එකක් ආයුබෝවන්ඩ,1981 තිබුන Charles-Diana Wedding එක බලලා තියෙන්නේ මිලියන 28.4ලු.ඇයි ඉතින් මිලියන 300කට වැඩි මංගල සිහිවටන ලොකේ පුරාම අලෙවි වෙලාලුනේ,බලමුකො එකෙත් හැටි....
Wedding එකේ කේක් එක ගැනයි,ආපු කස්ටියයි,අපු කස්ටියගෙ ඇඳුම් ගැනයි කතාකරන්න ගියොතින් ආයුබෝවන්ඩ,මට බ්ලොග් 3ක්වත් ලියන්න වෙයි.මේ උත්සවේ මම දැක්කෙ එකම හොඳ දෙයයි....William අයියගෙ ආච්චිඅම්මා නොහොත් Elizabeth මහ රාජිනිය,උත්සවේට ආරාධනා කොරලා තිබුනේ ලොකු ලොකු පැලැන්තිවල කස්ටියට විතරයි.ඒ උනාට Kate අක්කා එහෙම නෙමෙයි,පවුලේ අයට වගේම එයාට හැමදාම පුවත්පත ගෙනල්ලා දෙන මනුස්සයටයි,කිරිහලේ අයිතිකාරයටයි ආරාධනා කොරන්න අමතක කලේ නෑ.ඕං බලන්ඩ ආයුබෝවන්ඩ,රජ පවුලට එකතුඋන පලවෙනි උපාධිධාරී කුල කාන්තාව වෙච්චි Kate අක්කගෙ(දැන් Cambridge ආධිපාධිතුමිය) නිහතමානීකම....
ඉතින් ආයුබෝවන්ඩ අද අනංමනං Blog එකේ විස්තරේ ඕක තමා.ඉවර කරන්න කලියෙන් ප්‍රාර්ථනා කොරනවා මෙහෙම......
Kate අක්කට Dianaට වෙච්චි දේ සිදු නොවේවා!!! Kate අක්කා තවත් Diana කෙනෙක් නොවේවා!!!William අයියටයි, Kate අක්කටයි සුබ මංගලම් කියුවා එහෙනම්.....
සැමට ජය...... :D
Wednesday, April 27, 2011
AC එක
මේ දවස්වල තියෙන්නෙ මහ ජරා වැස්සක් මෙයාලා......ඇඳෙන් නැගිටින්නෙ අපේ අම්මගෙ හොරණෑවෙ සුමිහිරි නාදය ඇහුනට පස්සෙ(No offence mom :D)........කාලගුණේ මහත්තුරු කියන්නෙ මාසයක් එක දිහට වහිනවා කියලා....හෆොයි....#@%*&^%
වැස්ස කියුවම මතක් වෙන තව දෙයක් තමයි සීතල.සීතල කියුවම ආපහු මට මතක් වුනේ AC එක.අපේ electrical engineer අයියලා හිතනවද දන්නෙ නෑ මේක Alternative Current කියලා...නෑ මෙයාලා,මම කියුවෙ Air Conditioner එක ගැන, වායුසමීකරණ යන්තරේ....:D
AC එක ගැන mention කොරනකොට හොඳ අනංමනං කතාවක් මතක් උනා.මේක අපි ඉගෙනගන්න තැන(දන්නෝ දනිති) උනා කියල කියන scene එකක්.මෙන්න මේකයි කතාව....
අපිට උගන්නන්න හිටිය lady ටීචෑර් කෙනෙකුට තමා මේක වෙලා තියෙන්නෙ.හරිම ජරබරස් case එකක් මෙයාලා,කොල්ලොන්ට මේ ටීචෑර්ස්ව පේන්න බෑ(Hint: අතීත නදියක නමක් මෙයාට තියෙන්නෙ...දැන් දන්නෝ දනිති නේද???).අපේ කතානායකතුමියගේ පන්තියක හිටියා කොල්ලෙක්,වැඩේම නිදාගන්න එක.ටීචෑර්සුත් මෙයාව හොඳට target කොරගෙන හිටියේ.එක දවසක් හොඳ සැප නින්දක් දාගෙන හිටපු මේ අහිංසක කොල්ලව අහු උනා අපේ ටීචෑර්ස්ට.දවස් කීපයක් සිත තුල කැකෑරි කැකෑරි තිබුන ටීචෑර්ගෙ තරහ පිට උනේ මෙන්න මෙහෙම....
"ඔය ළමයා කුරුඳුවත්තෙ සල්ලිකාරයෙක්ද?තමුන්ගෙ අම්මලා දුක් මහන්සි වෙලා නේද මෙහෙට ඔය ළමයව එවන්නෙ?නිදාගත්තම හරියනවද ළමයෝ?නිදාගන්න ඕනනම් ගෙදර ගිහින් නිදාගන්නවා..."
හිමින් සැරේ ඇස් ඇරපු අපේ senior සහෝ මොකක් කියුවා කියලද හිතන්නෙ???අපේ සහෝ කියුවලු....
" අපේ ගෙදර AC නැහැනෙ Madam......"
එදා ඉඳන් අපේ senior සහෝ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නැහැලු මේ ටීචෑර්ස්.....:D
අදට ඇති....පස්සෙ set වෙමු හොඳේ........
සී යූ වේවා..... :D

Subscribe to:
Posts (Atom)