Tuesday, June 5, 2012
ජුබිලිය
අවිඥාවාදී
උගතුන්
නටයි උඩ පනිමින්
මහ රැජිණ
වැජඹේවා
කෑගසයි උන්
නිරුවත්ව
ප්‍රබුද්ධ ලීලාවෙන්
බැල්කනියට වී
ලොව දකින
එළිසැබෙත්
ආචාර සමාචාර කරයි
දත් විරිත්තා
සිනාසී
මහේශාක්‍ය ලීලාවෙන්
මහ රැජිණ ලියන වගනම්
පිස්සු
හොඳටෝම පිස්සු
එළිසැබෙත්
සිනාසෙයි
කොක් හඬ තලා
රාජකීය ලීලාවෙන්
එඩිංබරෝ ආධිපාද තැන ලියන වගනම්
ලෙඩ ඇඳේ
මම තනියම
ගෑණි
අරහෙ ජුබිලි පාටි
පිලිප් මුමුණයි
වේදනාබර ලීලාවෙන්
Tuesday, May 8, 2012
නර්ථන ලීලා.....
ආලවන්ත වීදිය
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........
Monday, March 5, 2012
නූතන පෙම්වතියකගේ විලාපය
ඇය
කිසිත් නොදන්නී
සමාජ සම්මතයෙන්
පිට පැන
ආදරය කරන්නී
මානයේ
වැහි වලාවෙන්
ශුද්ධ වූ ආදරය
පෙරා වෙන්කරන්නී......
වේදනාවේ
කටු ඔටුනු
හිසදරා සිටින්නී
සත්‍යයේ
පාටගෙන
ජීවිතය
වියන්නී.....
නිස්සාර
ලෝකයේ
ආදරය
යදින්නී
නමුදු
නිස්සාර
ආදරයේ
තරම විනිවිද දැක
විරහ කවි
ලියන්නී....
Saturday, February 25, 2012
විරහව
හෝමෝ සේපියන්ස්
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......
මූලික නාමය ලද්දාවූ
මනුෂ්‍ය වර්ගයාගේ
වාසගම
"වෙනස" වූ නියාවෙන්
ජීවන ආකෘතික
ශිෂ්ටාචාරයකට
පිඹුරුපත් සැකසූ
හිස් මොළ
ඒකායන අරමුණක
නතර වුණු
අපූරුව දැක
සුන් වී ගිය
හදවත්......
Saturday, January 7, 2012
ආදරය හා මරණය වැළඳගත් විට....
ඇය
ඔහුගේ
හිරු කිරණ විය
වියැකී ගිය
ආන්තිකවාදී
සිහින හා පැතුමන්
වළලා දැමූ
සොහොන් ගැබ
එළිය කළ....
ඔහු
ඇයගේ
සඳ කිරණ විය
මලානික වූ
දුහුල්
චන්ද්‍ර කාන්තියෙන්
ඇයව
සිත්තම් කළ....
ආදරය
මරණය වැළඳගත්
සීමාන්තික මොහොතේ
බිඳී ගිය හදවත්
හඬා වැළපිණි
ඇය
හා
ඔහු
මං මුලා කොට....
ෆින්ලන්ත ගොතික් ශෛලිගත සංගීතවේදී Villie Valo ගේ කවි හදවත සංවේදී කළ මොහොතේ ලියා තැබූ වග නම්....
Saturday, November 26, 2011
වත්කම් ප්‍රකාශය
චෝදනා
මඩ
කැපිලි
කෙටිලි
දහඩිය
මහන්සිය
මධ්‍යයේ
පඩිය
අසරණ වී
කම්පිත වී
විලම්බීතව
අකැප සේයාවෙන්
මග බලා සිටී.........
පසුවට ලියමි
නිරුත්තර වී
නිහඬ වී
පඩි වැඩි වනතෙක්
මග බලා සිටිමි......
මඩ
කැපිලි
කෙටිලි
දහඩිය
මහන්සිය
මධ්‍යයේ
පඩිය
අසරණ වී
කම්පිත වී
විලම්බීතව
අකැප සේයාවෙන්
මග බලා සිටී.........
පසුවට ලියමි
නිරුත්තර වී
නිහඬ වී
පඩි වැඩි වනතෙක්
මග බලා සිටිමි......
Sunday, September 25, 2011
කාල රාමුව සංතර්පණය කිරීම
පැය
විනාඩි
තත්පර
රාමු
00 : 00 : 00 : 00
.
.
.
.
.
.
.
ජීවිතයේ
අනිත්‍ය කාල රාමුව
නැවතී
නොසැලී
මග බලා
වැළපී
සිනාසී
දුක් විඳියි
00 : 00 : 00 : 00 ට
සම්ප්‍රාප්ත විය නොහැකි වී......
විනාඩි
තත්පර
රාමු
00 : 00 : 00 : 00
.
.
.
.
.
.
.
ජීවිතයේ
අනිත්‍ය කාල රාමුව
නැවතී
නොසැලී
මග බලා
වැළපී
සිනාසී
දුක් විඳියි
00 : 00 : 00 : 00 ට
සම්ප්‍රාප්ත විය නොහැකි වී......
Subscribe to:
Posts (Atom)






