නිමක් නැතිවූ
නමක් නැතිවූ
ඇගේ
කඳුළු බිඳු
දාරක පෙමින්
ඔද වැඩී ගිය
පිය විප්පයෝගයෙන්
විපරිත වී ගිය
ඇගේ
කඳුළු බිඳු
තවත්
ඇසකට
එක්කහු වන්නට
ඉඩකඩ නොලද
නියාවෙන්
වෙන්දේසියක
විකිණී ගිය
ඇගේ
කඳුළු බිඳු......
ඈවරයි!!!!!!!!
Tuesday, August 28, 2012
Saturday, July 21, 2012
'ස'
සිහිල් සුළං රැළි දිගේ
දිව මතුරක්ව
සිහින සතක් මධ්‍යයේ
ප්‍රේම ගීයක්ව
නාගස් දළු ලවා
වසන්තය එළඹ කර
හිත මිතුරු සුළඟට අත වනා
වැහි වලාවෙන් වැසී ගිය
තනි තරුව.....
නුඹ ඔහොම
ඔතැන
නැවතුණු නිසාවෙන්
මමත්
මෙතන
මෙහෙම
නැවතුණෙමි..............
ප.ලි:
නමුදු
හෙට දිනයේ
නැවතත් ඔබ නිසාවෙන්
මම
හිනැහෙමි........
Saturday, June 23, 2012
දැවෙන ප්‍රශ්ණය
නෙත් අඳ
පෘථග්ජන
පුද්ගල ප්‍රජාව
යාවත්කාලීන මනසින්
විචාරන වගනම්
තෘප්තිමත් ඌරන් රැලක්
වනවාද?
අතෘප්තිමත් සොක්‍රටීස්ලා බවට
පත්වනවාද?
තර සිරුරු
සංතර්පනය කරන
තෘප්තිමත් ඌරන්
ප්‍රහීන වූ
සමාජ සංතුලිතයක
අතෘප්තිමත් සොක්‍රටීස්ලා
ඕනෑකර තිබේ!!!!!!
පෘථග්ජන
පුද්ගල ප්‍රජාව
යාවත්කාලීන මනසින්
විචාරන වගනම්
තෘප්තිමත් ඌරන් රැලක්
වනවාද?
අතෘප්තිමත් සොක්‍රටීස්ලා බවට
පත්වනවාද?
තර සිරුරු
සංතර්පනය කරන
තෘප්තිමත් ඌරන්
ප්‍රහීන වූ
සමාජ සංතුලිතයක
අතෘප්තිමත් සොක්‍රටීස්ලා
ඕනෑකර තිබේ!!!!!!
Monday, June 11, 2012
චංචලා සහ නිදිකුම්බා නැටි
පාන්දර 4.30ට වැඩට ගිහින් ගෙදරට ගොඩ බැස්සේ දැනුයි...ෂෙහ්...මහන්සියි..නිදිමතයි...පට්ටෙටම.....
නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ.....
ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ....
මාර මහන්සියි....
දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා..
ඩාවින්ගේ අනුවර්තනය වීමේ න්‍යාය...
ඩාවින් බීගල් නැවේ නැගලා ලෝකේ වටේ රවුම් ගහලා පරිණාමය හොයාගත්තා..
අපි ලෝකේ වටේ දුවනවා දුවනවා
ඉවරයක් නෑ
ඒත් මොනවද අපි හොයාගත්තේ????
අපේ සෙට් එකේ පොරවල් කියනවා වගේ
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්....
කා බී සැනසෙන අපිට
තව කොච්චර බිව්වත්,බීලා වැමෑරුවත්
මේකට උත්තරයක් හොයගන්න
පුලුවන් වෙයිද???
බලමු...ට්‍රයි එකක් දෙමු ගට අරගෙන
හැබැයි පස්සෙ වෙලාවක.....
උදේ පාන්දර මම කරන රස්සාව දන්නෝ දනිති
රූප පෙට්ටියේ
අඟල් 15 සිට 42 දක්වා වූ බැමි දාපු සීමාවක
විනාඩි කට්ට 45පාරක් රවුම ගහනකන්
පත්තර කියවීම....
කාගෙත් කතාවට භාජනය වෙච්චි
කිරිකැට් මැච් පෙන්නන
නමගිය ලොකු අතුවලින් පරිපූර්ණ වෙච්චි
අකුරු තුනේ නාලිකාවක
පොඩි පහේ නිවේදක ජොබ් කට්ටක්
කරනවා මම අහිංසක විදියට....
ක්‍රීඩා පිටුවට විතරක් මුල් තැන දුන්නත්
පත්තරේ අනිත් කෑලි ටික දිහා බලන්නත්
අමතක කරන්නේ නෑ...
අද උදෙත් ගත්තා පත්තරයක් අතට
ලංකාවේ නමගිය පත්තරේක අද ඉඳන් පටන් ගන්න හොඳ ටැබ්ලොයිඩ් කෑල්ලකට
ඇහැ ගියා ඉබේටම...
ලාංකීය තරුණ පරපුරේ කට් වෙච්ච,ජොල් වෙච්ච ඇඟවල්වලට හොඳ ඔළුවක් දෙන්න
සෙල්සියස් 37 උෂ්ණත්වය, 38 නොවී,37ම තියාගන්න
අද සිට ආරම්භ වන නවතම ආදර ක්‍රියාන්විතය
අකුරු සහ ග්‍රැෆික් සම්පින්ඩණයෙන්
හරි අපූරුවට එකට එකතු කරලා තිබුණා....
පට්ට.....
යං ජෙනරේෂන් එකට ආමන්ත්‍රණය කරන මේ ටැබ් එකේ
නියම කෑල්ලක් තිබුණා
ලංකාවේ පරසිදු නිලි බට්ටියෙකුට
දීලා තිබුණා හොඳ ප්‍රශ්ණ පත්තරයක්
එයැයි ඒකට දීලා තිබ්බා නියම උත්තර ටිකක්
මරු ආ....
Solid.....
මේ නිලි බට්ටි කවුරුත් නෙමෙයි
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
දේශපාලනේ කතා කොරන්න ගිහින් හොට බිම ඇනගෙන
පක්සෙත් මාරු කරපු
චංචලා....
ඕං අහපු ප්‍රශ්ණ වලට දීපු උත්තර
පෙර වාසනාවකට අහපු අනිත් ප්‍රශ්ණවලට දීපු උත්තර යන්නතම් හරි ගිහින්...
3 වසරේ ළමයෙක්ටත් උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්ණවලට
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
ජනප්‍රිය නිලි ලේබලය අලවාගත්
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
ඔන්න දීපු උත්තර...
අනේ පබා....
දේශපාලනේ කොරන්න කලියෙන්
හෙරළි සහ අම්බරුවන් කියන්නෙ මොනවද කියලා දැනගත්තනම්
හොඳයි නේද
පබා නෝනේ........
රඟපාන්න ඉස්සෙල්ලා
පරණ ෆිල්ම් ටිකක් බලලා
රජරට සේවය පොඩ්ඩක් ඇහුවනම්
හොඳයි නේද
මන්ත්‍රීතුමියනි.......
තවත් කියන්නට දෙයක් නම් නෑ...
ඒත් මේ වගේ
තරුණ හිත්වලට ඇමන්ත්‍රණය කරන්න හදන
හොඳ වැදගත් දේකට
3 වසරේ කොල්ලො කුරුට්ටන්ග් මානසිකත්වයක්වත් නැති
මෙවැනි වූ
බොරු සෙප්පඩ නිලි බට්ටියන්ව
ඈඳා නොගන්නා ලෙස
ආදරයෙන් ඉල්ලනවා
අපේ ආදරණීය පත්තර කලාවේදී සහෝදරයන්ගෙන්.....
අලුත් ටැබ් එකට ආසිරි පතන ගමන්
කැපෙන්නම්...
සෙල්සියස් 37ට ටෙම්පරේචරේ තියාගෙන
Six Pack ඇඟවල්වලට හොඳ ඔළුවක් හදාගන්න....
ජය වේවා......
ප.ලි :
පත්තරේටත් වැරදිලා...
ශාරුක් ඛාන්ට අයිති ටීම් එක මුම්බයි ඉන්දියන්ස් නෙමෙයි
කොල්කටා නයිට් රයිඩර්ස්....
පත්තරේටත් හරි උත්තරේ මිස් වෙච්චි එකේ
පබා ගැන කවර කතාද?
නිදිමත වැඩිවුනත් නිදා ගන්න කෝ පිනක්??? වැඩ වැඩ වැඩ.....
ලෝකය කැරකේ.....අපි දුවනවා ලෝකේ වටේ එක හැල්මේ....
මාර මහන්සියි....
දැන් මාස ගාණක් පාන්දර රස්සාව කරන නිසා නිදිමත ඉවසන්න දැන් පුරුදු වෙලා..
ඩාවින්ගේ අනුවර්තනය වීමේ න්‍යාය...
ඩාවින් බීගල් නැවේ නැගලා ලෝකේ වටේ රවුම් ගහලා පරිණාමය හොයාගත්තා..
අපි ලෝකේ වටේ දුවනවා දුවනවා
ඉවරයක් නෑ
ඒත් මොනවද අපි හොයාගත්තේ????
අපේ සෙට් එකේ පොරවල් කියනවා වගේ
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්....
කා බී සැනසෙන අපිට
තව කොච්චර බිව්වත්,බීලා වැමෑරුවත්
මේකට උත්තරයක් හොයගන්න
පුලුවන් වෙයිද???
බලමු...ට්‍රයි එකක් දෙමු ගට අරගෙන
හැබැයි පස්සෙ වෙලාවක.....
උදේ පාන්දර මම කරන රස්සාව දන්නෝ දනිති
රූප පෙට්ටියේ
අඟල් 15 සිට 42 දක්වා වූ බැමි දාපු සීමාවක
විනාඩි කට්ට 45පාරක් රවුම ගහනකන්
පත්තර කියවීම....
කාගෙත් කතාවට භාජනය වෙච්චි
කිරිකැට් මැච් පෙන්නන
නමගිය ලොකු අතුවලින් පරිපූර්ණ වෙච්චි
අකුරු තුනේ නාලිකාවක
පොඩි පහේ නිවේදක ජොබ් කට්ටක්
කරනවා මම අහිංසක විදියට....
ක්‍රීඩා පිටුවට විතරක් මුල් තැන දුන්නත්
පත්තරේ අනිත් කෑලි ටික දිහා බලන්නත්
අමතක කරන්නේ නෑ...
අද උදෙත් ගත්තා පත්තරයක් අතට
ලංකාවේ නමගිය පත්තරේක අද ඉඳන් පටන් ගන්න හොඳ ටැබ්ලොයිඩ් කෑල්ලකට
ඇහැ ගියා ඉබේටම...
ලාංකීය තරුණ පරපුරේ කට් වෙච්ච,ජොල් වෙච්ච ඇඟවල්වලට හොඳ ඔළුවක් දෙන්න
සෙල්සියස් 37 උෂ්ණත්වය, 38 නොවී,37ම තියාගන්න
අද සිට ආරම්භ වන නවතම ආදර ක්‍රියාන්විතය
අකුරු සහ ග්‍රැෆික් සම්පින්ඩණයෙන්
හරි අපූරුවට එකට එකතු කරලා තිබුණා....
පට්ට.....
යං ජෙනරේෂන් එකට ආමන්ත්‍රණය කරන මේ ටැබ් එකේ
නියම කෑල්ලක් තිබුණා
ලංකාවේ පරසිදු නිලි බට්ටියෙකුට
දීලා තිබුණා හොඳ ප්‍රශ්ණ පත්තරයක්
එයැයි ඒකට දීලා තිබ්බා නියම උත්තර ටිකක්
මරු ආ....
Solid.....
මේ නිලි බට්ටි කවුරුත් නෙමෙයි
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
දේශපාලනේ කතා කොරන්න ගිහින් හොට බිම ඇනගෙන
පක්සෙත් මාරු කරපු
චංචලා....
ඕං අහපු ප්‍රශ්ණ වලට දීපු උත්තර
- හෙරළි කියන්නෙ මොනවටද? නිදිකුම්බා නැටි....
- Troy සිනමා පටියේ ප්‍රධාන නළුවා කවුද? ක්‍රිස් ගේල්
- අම්බරුවන් කියන්නේ කාටද? මදුරුවන්ට
- මාතර අච්චි නමින් ප්‍රසිද්ධියට පත්වුණේ? රංචාගොඩ ළමයාගේ ආච්චි
- රජරට සේවය පිහිටා ඇත්තේ? මහනුවර
පෙර වාසනාවකට අහපු අනිත් ප්‍රශ්ණවලට දීපු උත්තර යන්නතම් හරි ගිහින්...
3 වසරේ ළමයෙක්ටත් උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්ණවලට
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
ජනප්‍රිය නිලි ලේබලය අලවාගත්
උපේක්ෂා ස්වර්ණමාලි
චංචලා....පබා....
ඔන්න දීපු උත්තර...
අනේ පබා....
දේශපාලනේ කොරන්න කලියෙන්
හෙරළි සහ අම්බරුවන් කියන්නෙ මොනවද කියලා දැනගත්තනම්
හොඳයි නේද
පබා නෝනේ........
රඟපාන්න ඉස්සෙල්ලා
පරණ ෆිල්ම් ටිකක් බලලා
රජරට සේවය පොඩ්ඩක් ඇහුවනම්
හොඳයි නේද
මන්ත්‍රීතුමියනි.......
තවත් කියන්නට දෙයක් නම් නෑ...
ඒත් මේ වගේ
තරුණ හිත්වලට ඇමන්ත්‍රණය කරන්න හදන
හොඳ වැදගත් දේකට
3 වසරේ කොල්ලො කුරුට්ටන්ග් මානසිකත්වයක්වත් නැති
මෙවැනි වූ
බොරු සෙප්පඩ නිලි බට්ටියන්ව
ඈඳා නොගන්නා ලෙස
ආදරයෙන් ඉල්ලනවා
අපේ ආදරණීය පත්තර කලාවේදී සහෝදරයන්ගෙන්.....
අලුත් ටැබ් එකට ආසිරි පතන ගමන්
කැපෙන්නම්...
සෙල්සියස් 37ට ටෙම්පරේචරේ තියාගෙන
Six Pack ඇඟවල්වලට හොඳ ඔළුවක් හදාගන්න....
ජය වේවා......
ප.ලි :
පත්තරේටත් වැරදිලා...
ශාරුක් ඛාන්ට අයිති ටීම් එක මුම්බයි ඉන්දියන්ස් නෙමෙයි
කොල්කටා නයිට් රයිඩර්ස්....
පත්තරේටත් හරි උත්තරේ මිස් වෙච්චි එකේ
පබා ගැන කවර කතාද?
Tuesday, June 5, 2012
ජුබිලිය
අවිඥාවාදී
උගතුන්
නටයි උඩ පනිමින්
මහ රැජිණ
වැජඹේවා
කෑගසයි උන්
නිරුවත්ව
ප්‍රබුද්ධ ලීලාවෙන්
බැල්කනියට වී
ලොව දකින
එළිසැබෙත්
ආචාර සමාචාර කරයි
දත් විරිත්තා
සිනාසී
මහේශාක්‍ය ලීලාවෙන්
මහ රැජිණ ලියන වගනම්
පිස්සු
හොඳටෝම පිස්සු
එළිසැබෙත්
සිනාසෙයි
කොක් හඬ තලා
රාජකීය ලීලාවෙන්
එඩිංබරෝ ආධිපාද තැන ලියන වගනම්
ලෙඩ ඇඳේ
මම තනියම
ගෑණි
අරහෙ ජුබිලි පාටි
පිලිප් මුමුණයි
වේදනාබර ලීලාවෙන්
Tuesday, May 8, 2012
නර්ථන ලීලා.....
ආලවන්ත වීදිය
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........
කෙළවරක
පෙනෙන
නොපෙනෙන
ඇසිදිසි මානයක
ඔද වැඩී
තෙදබලව
හති වැටී
හූල්ලන
මට
මහ හයියෙන්
හිනාවෙන
කුස පබා........
Monday, March 5, 2012
නූතන පෙම්වතියකගේ විලාපය
ඇය
කිසිත් නොදන්නී
සමාජ සම්මතයෙන්
පිට පැන
ආදරය කරන්නී
මානයේ
වැහි වලාවෙන්
ශුද්ධ වූ ආදරය
පෙරා වෙන්කරන්නී......
වේදනාවේ
කටු ඔටුනු
හිසදරා සිටින්නී
සත්‍යයේ
පාටගෙන
ජීවිතය
වියන්නී.....
නිස්සාර
ලෝකයේ
ආදරය
යදින්නී
නමුදු
නිස්සාර
ආදරයේ
තරම විනිවිද දැක
විරහ කවි
ලියන්නී....
Subscribe to:
Posts (Atom)






